Featured

Attention:(ෆෙඩරල්) ව්‍යවස්ථාවට පවත්වන ජනමතවිචාරණයට දකුණ සූදානම් කරන මෛත්‍රී

Published on: Apr 23, 2016 – 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේදී ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ජයගත් දිස්ත්‍රක්ක සළකා බැලීමේදී දකුණේ දිස්ත්‍රක්කවල වැඩි බලය මහින්ද රාජපක්ෂ වෙතද, උතුරැ නැගෙනහිර, මධ්‍යම දිස්ත්‍රික්කවල සුවිශාල වැඩි බලය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙතද හිමි විය.

ජනාධිපතිවරණය ජයගත් විගසම සහ තමන් ධූරයේ දිව්රැම් දුන් වහාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එවකටත් පාර්ලිමේන්තුවේ සුළුතරය හිමිව සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නව අර්ථකථනයක් ලොවට ලබා දුන්නේ ය. දෝෂාභියෝග ක්‍රියාවලියක් මගින් කථානායකවරයාගේද අනුමැතිය සහ ජනාධිපතිවරයාගේ අත්සනින් ඉවත් කරනු ලැබ සිටි ශිරාණි බණ්ඩාරනාකව නැවත අගවිනිසුරැ ධූරයෙහි පිහිටුවා විශ්‍රාම ගැන්වීමටද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියා කරන ලදී. එමෙන්ම පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය මත එවකටත් අගවිනිසුරැ ධූරයෙහි සිටි මොහාන් පීරිස් වහා අගවිනිසුරැ ධූරයෙන් නෙරපා පාර්ලිමේන්තු සභාවේ අනුමැතියකින් තොරව නව අගවිනිසුරැවරයෙක්ද පත් කර ගන්නා ලදී. පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටි එකසත් ජනතා නිදහස් සන්ධානය විරැද්ධ පක්ෂයේ වාඩිකර විරැද්ධ පක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව කරගෙන යාමට සළස්වන ලදී. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මේ ක්‍රියාවන් සියල්ල ඒකාධිපති ලක්ෂණ ගණයේ ලා සැළකුවත් ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය තුළ මේ සිද්ධින් සාමාන්‍ය සිදුවීම් විය.

අවසානයේ ඉහත විකෘති පාර්ලිමේන්තුව විසුරැවා හරිමින් 2015 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර ජනතාව විසින් පරාජයට පත්කරන ලද තැනැත්තන්ව ජාතික ලැයිස්තු මන්ති‍්‍රවරුන් ලෙසට පත්කර ඔවුන්ට අමාත්‍යධුර පවා පිරිනැමීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියා කරන ලදී.

එමෙන්ම ජාතික ආණ්ඩුව යන්න සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 46.5 ව්‍යවස්ථාව කථානායකවරයා මගින් අර්ථනිරෑපණය කර ගනිමින් ජාතික ආණ්ඩුවක්ද පිහිටුවා ඇමතිවරැ විශාල ප්‍රමාණයක්ද පත් කර ගන්නා ලදීජාතික ලැයිස්තුව, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරැ පත් කිරීම, ජාතික ආණ්ඩුව, ඇමති මණ්ඩලයේ සංයුතිය, පාරිලිමේන්තු මනත්‍රී සංයුතිය, සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු මෙන්ම අභියාචනාධිකරණයේ ද නඩු විභාග වෙමින් තිබෙද්දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා පාර්ලිමේන්තුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස පරිවර්තනය කිරීමටද ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයා කටයුතු කරන ලදී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා ලංකාවේ මෙයට පෙරද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් 1970 දී පත් කර ඇති අතර එකී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් වර්තමානයේ ක්‍රියාත්මක ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් අතර කැපී පෙනෙන ප්‍රභල වෙනස් කම් පවතී.

1970 සමගි පෙරමුණු රජය විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේ දී I වැනි ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබු අවස්ථාවේ එවකටත් ලංකාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අතර ඩොමීනියන් තත්ත්වයේ පැවති රටක් විය. එමෙන්ම මෙරට සියලූ නීති සහ අධිකරණවල අවසන් තීරකයා වූයේ බ්‍රිතාන්‍යයේ රාජාධිකරණයයි. 1947 පනවන ලද සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම තත්ත්වයන් නීත්‍යානුකූල කර තිබිණ. සිරිමා බණ්ඩාරනායක මහත්මිය 1970 මැයි 27 පැවති මහ මැතිවරණයෙන් ආසන 90 ක් දිනා ගැනීමෙන් පසු සමසමාජ පක්ෂය දිනාගත් ආසන 19 සහ කොමියුනිස්ට් පක්ෂය දිනාගත් ආසන 6 සමග එක් වී ආණ්ඩුව පිහිටුවීමෙන් පසු සොල්බරි ව්‍යවස්ථාව පසෙකලා මෙ රටට අනන්‍ය වූ නව ජනරජ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ගැනීම ආරම්භ කළේය. එදා සිරිමා බණ්ඩාරනායක මහත්මිය විසින් ජාතික ආණ්ඩුවක් (National Government) නො පිහිට වූ අතර එකී ආණ්ඩුව සමගි පෙරමුණු ආණ්ඩුව ලෙස හැදින්විය. එදා පැවති ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හෘදය සාක්ෂියට බලපෑම් කිරීමක් වර්තමානයේ මෙන් සිදු කර නැත. එදා පැවති ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය සහ වර්තමානයේ පවතින ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය අතර දක්නට ඇති වෙනස් කම් කිහිපයකි.

1).1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හෝ ජනතාව විසින් ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළ සමාජිකයන් අසුන් ගෙන නො සිටි අතර 2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ මැතිවරණයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ සාමාජිකයන් අසුන් ගෙන සිටී.

2)1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සොල්බර් ව්‍යවයස්ථාව අනුව කථානායක විසින් අර්ථ නිරෑපණය කළ ජාතික ආණඩුවක් නිර්මාණය කර නොතිබූ අතර 2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ 1978ආණ්ඩුක්‍රම ව්‍යවයස්ථාවේ 46.5 ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොව කථානායක විසින් ආර්ථ නිරෑපණය කළ ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යමින් පවත්වාගෙන යයි. (මෙකී ජාතික ආණ්ඩුවේ නීතිමය වලංගුතාවය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අවසන් වී නොතිබිම විශේෂයකි.)

3).2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවයස්ථාවේ 46.5 ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොව කථානායක විසින් ආර්ථ නිරෑපණය කිරීම නිවාරදි නො වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙද්දී එම නඩු අවස්න වී නො තිබියදී කථානායක විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ආරම්භ කර ඇත. 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය ආරම්භ කිරීමේදී මෙවැනි අර්බුද නොතිබිණ.

4).2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්වීමේ, ඇමතිවරැවීමේ නීත්‍යානුකූලත්වය සම්බන්ධව අධිකරණයේ නඩු විභාග වෙමින් තිබියදී පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් ලෙස රැස්වී එකී නඩු නිරර්ථක වන ආකාරයට ක්‍රියා කරගෙන යමින් ජනතාවගේ පරමාධිපත්‍ය උල්ංඝණය කිරීමක් 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය විසින් නො කරන ලදී.

5).2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන්ගේ අදහස් පල කිරීමේ අයිතිය, හෘදය සාක්ෂියේ නිදහස පාලනය කිරීම සදහා විධායකය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ඇමති තනතුරැ,නියෝජ්‍ය ඇමති තනතුරැ, රාජ්‍ය ඇමති තනතුරැ ප්‍රධානය කිරීමක් 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය විසින් පැවති අවධියේ දක්නට නොලැබිණ.

6).1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන්ගේ මන්ත්‍රීධූරයන්, ඇමතිධූරයන්, ආණ්ඩුවේ නීත්‍යානුකූලත්වය සම්බන්ධව එවකට පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිශ්චය වෙමින් පැවති නඩු කටයුතු නො පැවති අතර 2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන්ගේ මන්ත්‍රීධූරයන්, ඇමතිධූරයන්, ආණ්ඩුවේ නීත්‍යානුකූලත්වය සම්බන්ධව අධිකරණයේ නඩු විනිශ්චය වෙමින් පවතිද්දී ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ කටයුතු සිදුකරගෙන යයි.(මෙය අධිකරණයේ ස්වාධීනත්වයට අගතිදායක වෙයි.)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ නීත්‍යානුකූලත්වය, තමන්ගේ ජාතික ආණ්ඩුව සම්බන්ධ අර්ථනිරෑපණ සම්බන්ධව අධිකරණයේ නඩු විනිශ්චය වෙමින් පවතිද්දී පාර්ලිමේන්තුව විසින් මේ අකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්ම්ත කර ගැනීමට ක්‍රියා කිරීම සහ එකී නඩු විභාග කරන විනිසුරැවරැන් ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අත්වන ඉරණම කුමක්විය හැකිද යන්න ගැටළු සහගත වන අතර නීතියේ පාලනයට (Rule Of Law) එමගින් අහිතර බලපෑම් ඇති කරයි.

2015 ජනවාරි 08 වැනි දින ජනාධිපතිවරණයෙන් ජයගත් අවස්ථාවේ සිටම නීතියට පිටින් ක්‍රියා කරමින් තමන්ගේ යම් ඉලක්කයක් වෙනුවෙන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ක්‍රියා කරන ආකාරය සහ මේ දිනවල උතුරැ පළාත් සභාව තුළ සම්මත කරගන්න ෆෙඩරල් යෝජනා දෙස බැලීමේදී ද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් පාලන ව්‍යුහයක් ලංකාවට හදුන්වාදීම සිදු කරනු ඇති බව පෙනී යන්නේ බ්‍රිතාන්‍ය විරැද්ධ පක්ෂ නායක ජෙරමි කෝර්බීන්ද ද්‍රවිඩයන්ට ස්ව්‍යං පාලනය හිමිවිය යුතුයි යන ප්‍රකාශයත් සමගයි.

2015 ජනවාරි ජනාධිපතිවරණය ජයගැනීමත් සමගම නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ඉහත ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාකලාපයත්, දින 100 පොරොන්දු සහ මැතිවරණ පොරොන්දු කඩකිරීම් සැළකීමේදී ද, 2016 අප්‍රේල් මස 22වැනි දින උතුරැ පළාත් සභාවට ඉදිරිපත් වූ ෆෙඩරල් යෝජනාවත් සැළකීමේදී වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒකීය යන්න තීරණාත්මක ඇගයීමකට ලක්කරමින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් වනු ඇත.

ඉහත සියලු කරැණු දෙස සැළකිල්ලෙන් බැලීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍යවරයාත් යම් සැළසුමකට හෝ යම් සැගවුන න්‍යාය පත්‍රයකට අනුව යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කිරීමේ අරමුණෙන් රාජ්‍ය පාලනය කරන බවත් බලය යොදන බවත් පෙනී යයි. එනම් නීතියේ පාලනය නොව වෙනත් යම් අරමුණක් වෙනුවෙන් නීතිය යොදවනු පෙනේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෝ වෙනත් සංවිධානයක් හෝ මේ සිදුවන නීති අපගමනයන් දෙස අවධානය යොමු නො කරන අතර ජනතාවද මේ සම්බන්ධව ප්‍රතිචාර නොදක්වයි. ඒ අතරතුර සමාජ දේශපාලනයද යම් අරමුණක් වෙනුවෙන් දිශානත් කිරීමක් දක්නට ලැබේ. නීතිපතිවරයා සදහා නිර්දේශය දීම එක් ආකාරයකටත්, පොලිස්පතිවරයා සදහා නිර්දේශය දීම එක් ආකාරයකටත් සිදුකරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හැසිරීමද මෙහිදී සැළකිල්ලට ලක් කළ යුතු වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැනි ඉහළම ආයතනයක සාමාජිකයන් එකම කරැණ සම්බන්ධව වෙනස්ව ක්‍රියා කළේය.

එනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කර ගැනීම ආණ්ඩුවේ අවශ්‍යතාවයක් බව හැගෙන ආකාරයට ආණ්ඩුවේ කටයුතු සිදු වෙයි. නීතිපතිවරයා පත් කිරීමේදීත්, පොලිස්පතිවරයා පත්කරීමේදීත් ජ්‍යේෂ්ඨත්වය මත නොව තමන්ට අවශ්‍ය ආකාරයට පත්කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්‍රියා කරන ලදී.

ආණ්ඩුත්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා අගමැතිවරයා විසින් 2016.03.09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුණහොත් යෝජිත ව්‍යවස්ථාව නිෂ්ප්‍රභාවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසිරී යන බව දක්වා තිබුණ ද පවතින පාර්ලිමේන්තුවේ ඇමතිධූර සහ ඇමතිධූර බලතල තත්ත්වයේ සැළකෙන ධූරදරන මන්ත්‍රීවරැන් 135ක් පමණ සිටින හෙයින් කිසි අවස්ථාවක පාර්ලිමේන්තුව තුළදී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප වනු ඇතැයි සිතිය නො හැකිය.

යෝජිත ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 සම්මත වූ පසු ජනමතවිචාරණයෙන්ද සම්මත කිරීම අවශ්‍ය වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද දායකයන් අයිතිකර ගැනීම සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ දිනවල උත්සාහ කරන්නේ එකී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පවත්වන ජනමතවිචාරණයට ජනතාව සූදානම් කිරීමේ පෙරහුරැව ය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සදහා මේ ආණ්ඩුව විවිධ උපක්‍රම භාවිතා කරන අතර ඒ ඇතැම් ක්‍රම ශිෂ්ට ලෝකය අනුමත කරන ක්‍රම නො වේ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සදහා පවත්වන ජනමතවිචාරණයේ දී රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද දායකයන් හෝ දකුණේ ඡන්ද දායකයන් අමතා ජනමතවිචාරණය ජයග්‍රහණය කරවිය නො හැකිය. 2015 ජනාධිපතිවරණය ජයගත් දිස්ත්‍රික්කවලදී ආණ්ඩුත්‍රම ව්‍යවස්ථාවට අදාල ජනමතවිචාරණය ද ජයගත හැකි වුවද, එකී ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයගත් දිස්ත්‍රක්කවලදී එකී ජනමතවිචාරණය ජයගැනීම දුෂ්කර වෙයි. එකී දිස්ත්‍රික්කද ජයගත යුතු නම් මහින්ද රාජපක්ෂ වෙත ඇති ඡන්දයම් ප්‍රමාණයක් කඩා ගත යුතු වෙයි. නැතහොත් යෝජිත ජනමතවිචාරණය ජයගැනීම සදහා මහින්ද රාජපක්ෂගේ සහාය ගත යුතු වෙයි.

රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවකට මහින්ද රාජපක්ෂගේ සහාය නො ලැබෙන හෙයින් කළ යුතු එකම දෙය වන්නේ මහින්ද රාජපකෂ සතු ඡන්ද පදනම කොසේ හෝ පැහැර ගැනීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ද පහසුවෙන් මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කඩා ගැනීම සිදු කළ නො හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායකට හෝ රනිල් වික්‍රමසිංහට මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කෙසේවත් කඩා ගත නො හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපතක් නොවූ හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් මෙහෙයවීම ඔහුටද පහසු නැත.

එනම් යෝජිත ජනමතවිචාරණයේදී ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දකුණ ඇමතීම පහසු නො වේ. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන එක්වූ පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් එක් නො වෙයි. නමුත් බලය, මුදල් සහ වරප්‍රසාද මත ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ගේ සහ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද ජයගත් දිස්ත්‍රික්වල ඡන්ද දායකයන්ගේ මනස වෙනස් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකියාව ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඇති විධායක බලය සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරැන්ගෙන් ලැබෙන සහාය මත දකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් පාලනය කිරීමට හැකියාව ඇත. 2015 අගොස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ සතු ඡන්ද පදනම අගේට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පාලනය කළේ ය. ජාතික ලැයිස්තුව අනුව ලැබූ මන්ත්‍රීධූරයන් පරාජිතයන්ගෙන් සහ ෆෙඩරල් වාදීන්ගෙන් පුරවා ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහායට පැමිණි හෙයිනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2016 මැයි දිනය ගාල්ලේ පවත්වන්නේත් මහින්ද රාජපක්ෂගේ ඡන්ද පදනම දෙදරවා යෝජිත ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පවත්වන ජනමතවිචාරණයේදී දකුණේ ඡන්දය ලබා ගැනීමට මිස වෙන දෙයකට නොවේ.

2015 ජනාධිපතිවරණය අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාට සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වනවිට එකතු කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්ෂ වී ඇත. එමෙන්ම දකුණේ ඡන්ද ජනමතවිචාරණයේදී එකතු කර දීම සදහා විශාල කැප කීරීමක්, වෙහෙසක්, වරප්‍රසාද ලබා දීමක් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇත.

එදා මහින්ද සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, මන්ත්‍රීවරැන් යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී සහායට ගැනීමට රනිල් සමත් වී ඇත. යෝජිත අණ්ඩුක්‍රම ව්‍යවවස්ථාව සම්මත කරීමේ ජනමතවිචාරණ අවස්ථාවේදී එයට විරැද්ධව වේදීකාවේ මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරැ කිහිප දෙනෙකු පමණක් සිටිනු ඇති අතර අනෙක් සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරැ ඇමතිධූර, වරප්‍රසාද, තනතුරැ වෙනුවෙන් යහපාලන වේදීකාවට ගොඩ වී ෆෙඩරල් ව්‍යවස්ථාවට අදාල ජනමතවිචාරණය ජයග්‍රහණය කරවනු ඇත. ඒ සදහා නිසි පරිදි ගෙදර වැඩ (Home Work) කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, දුමින්ද දිසානායක SLFP ලෙකම්වරයාත්, මහින්ද අමරවීර UPFA ලේකම්වරයාත්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වී පිටපස දොරෙන් පාර්ලිමේන්තු පැමිණි SB ඇතුළු කණ්ඩායමත් ක්‍රියා කරනු ඇත. ජනතාව ආර්ථික සහ නීති අර්බුද මත ගිලී සිටින හෙයින් මේ ෆෙඩරල් ව්‍යවස්ථා අනතුර හදුනාගත් නොහැකි වෙයි.

ථේරවාදී භික්ෂු කතිකාවත් , තොරතුරැ දැනගැනීමේ , මාධ්‍ය කොමිසම් ගෙනෙන්නේ ඉදිරියේ පවත්වන ජනමතවිචාරණයේදී අදාල පාර්ශවයන් නිහඩ කිරීමෙන් යටත් කිරීමටය.යුද්ධයෙන් කරගත නොහැකි වූ දෙය උපක්‍රමයෙන් කරගැනීමට ඉඩ දෙමුද? එය ජනතාවට භාරය. එදා හිට්ලර් වෙත සිටියේ ගොබෙල්ස්ලා එක් අයකු වුවත් ගොබෙල්ස්ලා දුසින් ගණනක් අනාගත ජනමතවිචාරණය වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.

ඉදිරියේදී සම්මත කිරීමට යන ෆෙඩරල් ව්‍යවස්ථාව මගින් ඇති කරන අනතුරවන්නේ රටේ ඒකීය බව බිද දැමීම පමණක් නොවේ. 1972 බිද දැමූ ඩොමීනියන් තත්ත්වයත් නැවත ඇති කිරීමත් මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ගැබ් වනු ඇත. එමෙන්ම සිංහල භාෂා අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණයන් සම්පූර්ණයෙන්ම ඉවත්කර 1972ට පෙර පැවති තත්ත්වයටම රටේ නීතිය ගෙන යනු ඇත. මෙවර ආණ්ඩුක්‍රමය කෙටුම්පත් කරන්නන් සිරිමා බණ්ඩාරනායක සහ ෆීලික්ස් බණ්ඩාරනායකගේ නිදහස් නීති සංකල්ප බැහැර කරමින් බ්‍රිතාන්‍ය රැජිනගේ නීති ආධිපත්‍යයට දැඩිව ලාංකිකයන්ව බැද තබනු ඇත. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ තත්ත්වය යම් දුරට තහවුරැ කරගෙන ඇති බව නීතිපති සහ පොලිස්පති පත්කර ගැනීමෙන් පැහැදිලි වෙයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ කරන්නේ 1972 සිරිමා බණ්ඩාරනායක සිදුකළ ස්වදේශීය සහ ස්වභාෂා හිතැති නීති ප්‍රතිසංස්කරණ අහෝසි කිරීම සදහා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළ වුන් සමග ඒකාබද්ධ වීමටයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මේ සදහා ඉඩ දිය හැකිද?

Copyright © 2017 LNW TODAYThemetf

To Top