විශේෂාංග

අගමැති අර්බුදය විසදීමට ජනමතවිචාරණයක්!

Published on: Oct 31, 2018 – වර්ෂ 2018 ඔක්තෝබර් 26 දින සිට එතෙක් සිටි අග්‍රාමාත්‍යවරයා ඉවත් කරමින් (2018.10.26 දිනැති අංක 2094/43 අති විශේෂ ගැසට් පත්‍රය)සහ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් (2018.10.26 දිනැති අංක 2094/44 අති විශේෂ ගැසට් පත්‍රය) සමග විවිධ පැතිකඩ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද බලය සම්බන්ධව අදහස් ඉදිරිපත් වෙමින් පවතින අතර පාර්ලිමේන්තුව ඉක්මනින් කැදවා ඇති වී තිබෙන්නේ යැයි කියන අර්බුදය විසදා ගන්නා ලෙසද ජාතිකව සහ ජාත්‍යන්තරව යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ ඡන්ද බලය සහ ජනතාවගේ ඡන්ද බලය යන දෙකෙන් වඩාත් ඉහළ අගයක් ගන්නේ ජනතාවගේ ඡන්ද බලයට බව ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා අධ්‍යයනය කිරීමේදී පෙනී යන අතර ව්‍යවස්ථාදායක බලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ එහි මන්ත්‍රීවරයන්ට යම් අධිකාරයක් ව්‍යවස්ථාවේ 4.අ ව්‍යවස්ථාව මගින් ලබා දුන්නද එකී ව්‍යවස්ථාව මගින්ම 86 ව්‍යවස්ථාවද සම්බන්ධ කරමින් ජනාධිපතිවරයාට සහ ජනතාවටද ව්‍යවස්ථාදායක බලයක් පිරිනමා ඇත.“ජනතාවගේ පරමාධිපත්‍යය”සම්බන්ධව 3 සහ 4 ව්‍යවස්ථාවල විධිවිධාන සළසා තිබුණද “පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය”ගැන එහි දක්වා නැති බවද සැළකිල්ලට ගත යුතුය.

මෙම ගැටළුව විසදා ගැනීම පාර්ලිමේන්තුව තුළදී විමසන ඡන්දයකින් නොව ජනතාව ඉදිරියේ පවත්වන ඡන්දයකින් එනම් ජනමතවිචාරණයකින් විසදා ගැනීම ජනසම්මතවාදය බවත්, ප්‍රජාතන්ත්‍රවාදය බවත්, ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක් බවත් පෙන්වා දීම සහ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය3, 4, 46.5, 70, 85, 86 සහ 125 ව්‍යවස්ථාසහ 46.5 ව්‍යවස්ථාව වැරදියට අර්ථනිරූපණය කරමින් කථානායකවරයා විසින් 2015 සැප්තැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී ලබා දුන් තීරණයද යන නීතිමය කාරණාඇසුරෙන් පෙන්වා දීමත් මෙම ලිපියේ අරමුණයි.

පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුතු බව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාවේ අතුරු විධානයේ දැක්වේ. මෙම අතුරු විධානය ක්‍රියාත්මක කළ යුත්තේ කවර අවස්ථාවලදීද යන්න සහ ජනතාවගේ ඡන්ද බලයසහ ජනතාවගේ පරමාධිපත්‍යයසම්බන්ධව රටේ අර්බුද අවස්ථාවක් පැනනැගි අවස්ථාවකදී 70.1 ව්‍යවස්ථාවේ මුල් කොටස කියවීමේදී පැහැදිලි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව මෙසේ ය….

70.1 ව්‍යවස්ථාවේ ප්‍රධාන කොටස් 2ක් ඇතුළත් වේ.

පළවන කොටස

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය.

දෙවන කොටස

පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුත්තේ ය.

ඒ සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාව සහ ජාතින ආණ්ඩුව යන්න අර්ථනිරූපණයකරමින් එනම් ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අර්ථනිරූපණයකරමින් කථානායකවරයා විසින් 2015 සැප්තැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී සිය තීරණය දැනුම් දීමද සැළකිල්ලට ගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාව මෙසේ ය…

46.5 ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය….ලෙස දක්වා ඇති බව ඉතා හොදින් පැහැදිලිය.

එසේ වුවත් 2015 සැප්තැම්බර් 03 වැනි දින කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරමින් 46.5 ව්‍යවස්ථාවේ නොදැක්වෙන ආකාරයට 46.5 ව්‍යවස්ථාව අර්ථනිරූපණයකළ අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාවටද පටහැනිව යන ක්‍රියාවක් විය.

2015 සැප්තැම්බර් 03 වැනි දින කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කළ ආකාරය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ අනෙකුත් පිළිගත දේශපාලන පක්ෂ (බහුවචන) ලෙස දක්වා තිබුණදඑය නොතකා 2015 සැප්තැම්බර් 03 වැනි දින කථානායකවරයා විසින් ඕනෑම පිළිගත් දේශපාලන පක්ෂයක් (ඒක වචන) ලෙස ව්‍යවස්ථාව වෙනස් කළේ ය.

එසේ කරන ලද්දේ 46.1 ව්‍යවස්ථාවේ දැක්වෙන ඇමති සංඛ්‍යාවේ සීමාව වැඩි කර ගැනීම සදහා අවශ්‍ය ජාතික ආණ්ඩුව නිර්මාණය කර ගැනීමටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ තනි සහ අනන්‍ය අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව 125 ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්වේ.

මේ අකාරයට ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධාන වලට පටහැනිව කථානායකවරයා ක්‍රියා කරන ලද්දේ 2015 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ආණ්ඩුව තනා ගැනීම සදහා ජනතාව ලබා දුන් ජනවරම අනුව ක්‍රියාකිරීමට අවශ්‍ය වූ නිසා බවට කෙනෙකුට තර්ක කළ හැකිය.

මෙම ලිපියේ මාතෘකාව වන “අගමැති අර්බුදය විසදීමට පාර්ලිමේන්තුවේ ඇතුලේ මන්ත්‍රීවයන්ගේ ඡන්දයකට වඩා රටේ ජනතාවගේ ඡන්දයක් එනම් ජනමතවිචාරණයක්පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයිද?” යන්න සාකච්ඡා කිරීමේදී ව්‍යවස්ථාවේ 3, 4 සහ 86 ව්‍යවස්ථා සැළකිල්ලෙන් අධ්‍යයනය කිරීම වැදගත් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව මෙසේ ය….

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව මෙසේ ය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 ව්‍යවස්ථාව මෙසේ ය….

මේ අනුව සළකා බැලීමේදී 3, 4, 46.5, 70, 85, 86 සහ 125 ව්‍යවස්ථා සමග අග්‍රාමාත්‍යවරයා ඉවත්කිරීම සම්බන්ධව පැනනැගී ඇති අර්බුදය පාර්ලිමේන්තුව තළ පවත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ඡන්දයකින් නොව සමස්ථ ඡන්ද දායකයන්ගේම සහභාගීත්වයෙන් පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකින් එනම් ජනමතවිචාරණයකින් සිදුකිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නක් බවත් ඡන්ද පිපාසයෙන් ඉන්නා ජනතාවට එය මහත් සහනයක් වන බවත් පෙනී යයි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
2018.10.29

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2017 LNW TODAYThemetf

To Top