LNW SPY

20ද,21ද ජනාධිපතිට ලැබෙන තින්දුව සහ රටේ ජනතාව… “වැටත් නියරත් ගොයම් කානම් කාට කියනුද ඒ අමාරුව”

Published on: Jan 13, 2018 – මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතියසහ තත්ත්වය………..?

(ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පමණක් 2015 ජනවාරි 09 දින වන විට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අදාල වන්නේ නම් ජනතා පරමාධිපත්‍යය යටතේ කිව හැක්කේ වැටත් නියරත් ගොයම් කානම් කාට කියනුද ඒ අමාරු යන්නද?.)

  1. ධුරකාලය
  • මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දිනජනාධිපතිධුරයේදිව්රුම් දෙන අවස්ථාවේ ධුර කාලයට අදාල 30.2 ව්‍යවස්ථාව මෙසේ ය.

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුත්තේ ය. ජනාධිපතිවරයා සාවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”

  • 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින්සහතිකකරන ලද 19 වනආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ 3 වැනි වගන්තිය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පෙර පැවති 30.2 ව්‍යවස්ථාව සංශෝධනය කර ඇත.

ඒ මෙසේ ය…

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”

පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතියසහ තත්ත්වය වන්නේ සාවුරුද්දක කාලයකට ධුරය දරන බවට වන 2015 ජනවාරි 09 දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 ව්‍යවස්ථාවේ විධිවිධානය.

  1. දෙවරකටවැඩිවාරයක්ජනතාවවිසින්තෝරාපත්කරගනුලැබීමටසුදුස්සෙක්ද? යන්න
  • මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දිනජනාධිපතිධුරයේදිව්රුම් දෙන අවස්ථාවේ “ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේ ය” යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොතිබුණි.

 

  • 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතිකකරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ වැනි වගන්තිය මගින් දෙවරකට වැඩි වාරයක් ජනාධිපතිවරයාගේ ධුරයට ජනතාව විසින් තෝරාපත් කර ගනු නොලැබිය යුතු බවට විධිවිධානයක් ඇතුළත් කර ඇත.

ඒ මෙසේ ය…

“ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරාපත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවතඑකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකුනොවන්නේ ය”

පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතියසහ තත්ත්වය වන්නේ ඒ අවස්ථාවේ නීතිමය සීමාවකින් තොරව ඕනෑම වාර ගණනක් ජනාධිපති ධූරයට පත් වීමට 2015 ජනවාරි 09 දින පැවති සීමාවකින් තොර නිදහස් තත්ත්වයයි…

  1. ජනාධිපතිවරයාගේබලතල, කාර්යසහකර්තව්‍ය

 

  • මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපතිධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ දක්වා ඇත.

ඒ මෙසේ ය.

  • 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතිකකරනලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර පැවති 33වන ව්‍යවස්ථාව ඉවත් කරමින් පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරන ලදී.
  1. (1) ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ :-

 

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම,

 

(ආ) ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම.

 

(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ VIIඅ ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසුකරලීම සහ

 

(ඈ) මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීමතහවුරු කිරීම, වන්නේ ය.

 

(2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට –

 

(අ) පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ, පාර්ලිමේන්තුවේ දීආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමට බලය ඇත්තේ ය.

 

(ආ) පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය ඇත්තේ ය.

 

(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරස්මට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය.

 

(ඈ) තානාපතිවරයන්, මහකොමසාරිස්වරයන්, පූර්ණාධිකාරී රාජ්‍ය දූතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට හා ඔවුන්ට බලතලපැවරීමට ද, ඔවුන් පිළිගැනීමට ද බලය ඇත්තේ ය.

 

(ඉ) නීතීඥ වෘත්තියෙහි විශිෂ්ඨත්වයට පත්ව ඇත්තා වූ ද, පැවැත්මෙහි හා වෘත්තිය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ඨ තත්වයක් පවත්වාගෙනඇත්තාවූ ද නීතිඥවරයන්, ජනාධිපති නීතීඥවරයන් වශයෙන් පත් කිරස්මට බලය ඇත්තේ ය. මේ ඡේදය යටතේ පත් කරනු ලබන සෑම ජනාධිපති නීතීඥවරයකුටම ඒ දක්වා රාජ නීතීඥවරයන් විසින් භුක්ති වි¢න ලද සියලු වරප්‍රසාදවලට හිමිකම ඇත්තේ ය.

 

(ඊ) ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද අග්‍රාමාත්‍යවරයා ද අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවර‍යා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද පත් කිරීමේ අධිකාර පත්‍රවල සහ ජනරජයට අයත් වූ ද ප්‍රදානය කිරීමට හා පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරීඇත්තා වූ ද ඉඩකඩම් හා අනෙකුත් නිශ්චල දේපළ ප්‍රදානය කිරීමේ දීහෝ පවරා දීමේ දී, ඒ සම්බන්ධ ප්‍රදාන ප්‍රත්‍රවල හා පැවරුම් පත්‍රවල රාජ්‍ය මුද්‍රාවතබා, අත්සන් කිරීමට ද රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද බලය ඇත්තේ ය.

 

(උ) යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ යත සහ

 

(ඌ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූ ද ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතයඅනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ හෝ නියමිතව ඇත්තා වූ ද සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේ ය.

 

පැහැදිලි කිරීම

  • ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනාධිපතිවරයාගේ බලතල, කාර්යසහකර්තව්‍ය වන්නේ නම් 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින්  සහතිකකරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 5 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවට ආදේශකර ඇති ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය අනුව ක්‍රියා කිරීම නීතියට පටහැනි වේ.

 

එනම් 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 5 වැනිවගන්තියමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවට ආදේශකර ඇති ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය අනුව ක්‍රියා කිරීම 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි වේ. මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දෙන අවස්ථාවේ එකී විධිවිධාන සිය බලතල, කාර්යසහකර්තව්‍ය යටතේ දක්වා නොතිබුණි.

 

එකී නොහැකියාවන් පහත දැක්වේ…

  • ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ VII අ ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසුකරලීම සහ
  • මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම.

 

  • ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු බව…

 

  • මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දිනජනාධිපතිධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වන විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සළස්වා නොතිබුණි.

 

  • 2015 මැයි 15 වැනිදින කථානායකවරයා විසින් සහතිකකරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 6 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර පැවති 33 ව්‍යවස්ථාවෙන් ඉක්බිතිව 33අ ලෙස ව්‍යවස්ථාවක් ඇතුළත් කර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු වන ව්‍යවස්ථාවක් ඇතුළත් කරන ලදී.

 

එකී 33අ. ව්‍යවස්ථාව මෙසේ ය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුඵ යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීයබලතල, කාර්ය සහ  කර්තව්‍යයථා පරිදික්‍රියාත්මක කිරීම සහ යථා පරිදිඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය.

 

පැහැදිලි කිරීම

  • ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දිනකථානායකවරයා විසින් සහතිකකරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 6 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33අ. ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු වන ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීම නීතියට පටහැනි වේ.

 

  • ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම….

 

  • මෛත්‍රීපාල  සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපතිධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ජනාධිපතිවරයට එරෙහිව නඩු පැවරීමට ජනතාවට අවස්ථාව සළසා දෙන විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සළස්වා නොතිබුණි.

 

ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපතිධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ඔහු සම්බන්ධව නඩු පැවරීමට අදාලව පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව මෙසේ ය.

  • 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරනලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 7 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර පැවති 35වන ව්‍යවස්ථාව ඉවත් කරමින් පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරන ලදී.

එකී ආදේශ කරන ලද 35 වන ව්‍යවස්ථාව මෙසේ ය.

(1) යම් තැනැත්තකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක දී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලාහෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක්පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේ ය :

එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගතයුත්තේ ය :

එසේම තවදුරටත්, ජනාධිපතිවරයා විසින් 33(2)(උ) ව්‍යවස්ථාව යටතේ බලතල ක්‍රියාත්මක කිරීම මත ප්‍රඥාපනය කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණබලය නොතිබිය යුත්තේ ය.

(2) කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව, කවර හෝ විස්තරයක නඩුවක් පැවරිය හැකි කාලය සීමා කරමින් නීතියෙන් විධිවිධාන සකසා ඇති විට, ඒතැනැත්තා යම් කිසි කාලයක් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධූරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාලසීමාව ලෙස නීතියෙන් නියමව ඇති කාලයනිශ්චය කිරීමේ දීඒ තැනැත්තා ජනාධිපති ධූරය දැරූ කාලය නොගැනිය යුත්තේ ය.

 

(3) මේ ව්‍යස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධානවලින් පැවරී ඇති මුක්තිය, 129 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යඅවස්ථාව යටතේ හෝජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හා සම්බන්ධව හෝ ජනමත විචාරණයක වලංගුභාවය හා සම්බන්ධව 130 වන ව්‍යවස්ථාවේ (අ) ඡේදයයටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ අදාළ නොවන්නේ ය.

 

පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතිකකරනලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ 7 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව ඉවත් කරමින් ආදේශකර ඇති ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති “ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගතයුත්තේ ය”යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය වලංගු නොවේ.

මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති නීතිමය තත්ත්වය නම් එවැනි ආකාරයේ ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ නඩු පැවරීමක් (මූලික අයිතිවාසිකම් නඩු) සදහා ජනතාවට අයිතිය පිරිනමා නොතිබූ හෙයින් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ නොහැකියාවක් හටගෙන ඇත.

 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතියසහ තත්ත්වයද? යන්න විමසීමේදී 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ සැක දුරුකිරීම සදහා දක්වා ඇති 49.1.ආ වගන්තිය දක්වනු නොලැබුවහොත් මෙම ලිපිය කියවන පාඨකයාට බලවත් අසාධාරණයක් සිදු වෙයි.

සැක දුරුකිරීම සදහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ දක්වා ඇති 49.1.ආ වගන්තිය මෙසේ ය.

“2015 අප්‍රේල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේ ය

සමාප්තිය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති බවයි. එකී ජනතාව සතු පරමාධිපත්‍යය අංග වන ජනතාවගේ විධායක බලය, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය සහ ජනතාවගේ අධිකරණ බලය භාරයක් විලස පිළිවෙලින් ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත්, ශ්‍රේෂ්ඨාධිකරණයඇතුළු අධිකරණ විසිනුත් ක්‍රියාත්මක කරන බව එකී අධිකාරීන් නිරන්තරයෙන් සිහි කිරීම වටී.

(මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ දැක්වෙන විධිවිධාන සමග සැළකීමේදී ඉහත දැක්වෙන ආකාරයට අමතර  තවත් බොහෝ වෙනස් කම් දැක්විය හැකි වුවත් මෙම ලිපිය දිගුවන හෙයින් ඒවා මෙහි දක්වා නැත.)

 

මේ සම්බන්ධව වැඩි දුර අධ්‍යයනය සදහා කතෘ විසින් ලියන ලද “ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අසීමිත වාර ගණනක් ජනාධිපති වීමටත් අවස්ථාව ලැබෙයිද?” ලිපිය කියවන්න.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අසීමිත වාර ගණනක් ජනාධිපති වීමටත් අවස්ථාව ලැබෙයිද?

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)

2018.01.12

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2017 LNW TODAYThemetf

To Top