Featured

GSP+ තාවකාලික ආර්ථික ප්‍රතිලාභයක් -යහපාලන ගේමක් ගැන මහින්දගෙන් අනාවරණයක්

අපේ මුලු අනාගතයම ජී.එස්.පී ප්ලස් මත ගොඩනැගිය හැකි බවට හැඟීමක් ආණ්ඩුව ජනතාව අතර වපුරමින් සිටි. නමුත්, ජී.එස්.පී ප්ලස් බදු සහන ක්‍රමයෙන් ලැබෙන්නේ තාවකාලික ආර්ථික ප්‍රතිලාභයක් පමණක් බව  ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරිමක් කර තිබේ.

2017 ජුනි 11

මාධ්‍ය නිවේදනය

ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීම

යුරෝපා සංගමය 2017 මැයි 19 වන දා සිට, ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලංකාවට ලබා දී ඇත.  යුරෝපා සංගමය විසින්  ජී.එස්.පී බදු සහන ක්‍රම තුනක් පවත්වාගෙන යනු ලබයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,025 අඩු, දුප්පත්ම රටවලට ලබා දෙන ජී.එස්.පී සහනය යටතේ එම රටවලට සම්පූර්ණයෙන්ම බදු රහිතව යුරෝපා සංගමය තුළට භාන්ඩ අපනයනය කල හැකිය. ඒකපුද්ගල ආදායම ඩොලර් 1,025ත් 4,035ත් අතර පහලමධ්‍යම ආදායම් ලාභී රටවලට සාමාන්‍ය ජී.එස්.පී ක්‍රමය යටතේ සහනදායි බද්දක් ගෙවා යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කල හැකිය. මෙම ජී.එස්.පී සහන ක්‍රම දෙක නිසා බොහෝ රටවලට  අපනයන කර්මාන්ත ගොඩනගා ගැනීමට හැකි වී  තිබෙන බව අපි පිළිගත යුතුය. යුරෝපා සංගමයේ තුන්වන සහන ක්‍රමය වන ජී.එස්.පී ප්ලස් ක්‍රමය යටතේ,  පහලමධ්‍යම ආදායම්  ලාභී රටවලටද  දුප්පත්ම රටවල් මෙන් කිසිඳු බද්දක් නොගෙවා යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කිරීමේ වරප්‍රසාදය ලැබේ. නමුත් මේ සඳහා බරපතල වන්දියක් ගෙවිය යුතුය. ජී.එස්.පී ප්ලස් බදු සහනය ලැබීමට නම් අදාල රට ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් සම්මත කර ඒවා පිළිපැදීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ දේශපාලන  අධීක්‍ෂණයට යටත් විය යුතුය. එම නිසා ලංකාවද ඇතුළුව ජි.එස්.පී ප්ලස් බදු සහනය ලබාගෙන ඇත්තේ රටවල් 9ක් පමණි.

 ජී.එස්.පී ප්ලස් ලබාගැනීම සඳහා යටත්  වෙන කොන්දේසි තුළින්, අදාල රටේ දේශපාලනමය, නීතිමය හා ආයතනික රාමුවට සිදුවන හානිය අතිශයින්ම බරපතල විය හැක. 2010 දී ජී.එස්.පී ප්ලස් තවදුරටත් බුක්ති විඳීමට  නම් අපේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ විමර්ශන පැවැත්වීම හා වැඩි වැඩියෙන් බලතල බෙදීම ඇතුළුව යුරෝපා සංගමයෙන් ඉදිරිපත් කරන ලද කොන්දේසි වලට එකග නොවී එම බදු සහනය අහෝසි වීමට මගේ ආණ්ඩුව ඉඩහැරියේ ඒ නිසාය. 2010 දී ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමි වීමෙන් පසු අපි යුරෝපා සංගමයේ සාමාන්‍ය ජී.එස්.පී ක්‍රමය යටතට වැටුණේය. ඒ අනුව අපේ අපනයනයන් යුරෝපා සංගමය තුළට යනවිට සහනදායි බද්දක් ගෙවිය යුතු විය. පසුගියදා, ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලැබීමත් සමඟ, ඒ හේතුවෙන්, ධීවර නිශ්පාදන, ඇඟලුම් හා වෙනත් කාර්මික නිශ්පාදන යුරෝපා සංගමයට අපනයනය කිරීම මහා පරිමානයෙන් වැඩි වෙනු ඇති බව ආණ්ඩුව කියයි. යුරෝපා සංගමයට බදු රහිතව අපනයන කිරීමට ආයෝජකයෝ විශාල වශයෙන් ලංකාවට ආකර්ෂණය වෙනු ඇති බවට බලාපොරොත්තුද ඇති වී තිබේ. අපේ මුලු අනාගතයම ජී.එස්.පී ප්ලස් මත ගොඩනැගිය හැකි බවට හැඟීමක් ආණ්ඩුව ජනතාව අතර වපුරමින් සිටි. නමුත්, ජී.එස්.පී ප්ලස් බදු සහන ක්‍රමයෙන් ලැබෙන්නේ තාවකාලික ආර්ථික ප්‍රතිලාභයක් පමණි.

යුරෝපා සංගමයේ සියළු ජී.එස්.පී බදු සහන ක්‍රම පාලනය කරන නීතිය වන්නේ, යුරෝපා පාර්ලිමේන්තුවේ සහ කවුන්සිලයේ 2012 ඔක්තෝබර් 25 දින අංක 978/2012 දරණ රෙගුලාසියයි.  යම් රටකට  ජී.එස්.පී ප්ලස් ලබාගත හැක්කේ එය ඩොලර් 4,035ට අඩු ඒක පුද්ගල ආදායමක් ලබන පහල-මධ්‍යම ආදායම් ලාභී රටක් නම් පමණි. ඩොලර් 4,035ට වඩා වැඩියෙන් ඒක පුද්ගල ආදායම් ලබන රටවල් ඉහළ-මධ්‍යම ආදායම් ලාභී රටවල් වන අතර, එවැනි රටවලට යුරෝපා සංගමයේ කිසිදු ජී.එස්.පී  බදු සහනයක් ලැබෙන්නේ නැත. එම රටවල භාණ්ඩ යුරෝපා සංගමය තුළට යන විට සම්පූර්ණ ආනයන බද්ද ගෙවිය යුතුවේ. ලංකාවේ ඒකපුද්ගල ආදායම 2015 දී ඩොලර් 3,843 ක් වූ අතර 2016 දී ඩොලර් 3,835 ක් විය. මේ අනුව, යුරෝපා සංගමයේ සියලුම ජී.එස්.පී බදු සහන අහිමි කරවන ඩොලර් 4,035 කඩඉමට අප සිටින්නේ ඩොලර් 200 ක් පමණක් මෙපිටින්ය.  මගේ අවුරුදු නවයක පාලන සමය තුළ ලංකාවේ ඒක පුද්ගල ආදායම වර්ෂයකට ඩොලර් 286 ක සාමාන්‍ය අගයකින් වැඩි වූවාය යන කාරණයෙන්, අපි ඩොලර් 4,035 කඩඉමට කොතරම් ආසන්න වී ඇතිදැයි සිතාගත හැක.  ශ්‍රී ලංකාව ඩොලර් 4,035 කඩඉම පසු කල විට එය ස්ථිර වැඩිවීමක් දැයි තහවුරු කර ගැනීමට වසර දෙකක නිරීක්‍ෂණ කාලයකින් පසු තවත් වසරක සහන කාලයක් ලබා දී, ඉන්පසු ලංකාව මොනම ජී.එස්.පී ක්‍රමයක් යටතේවත් සහන ලැබීමට නුසුදුස්සකු හැටියට යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.

ජී.එස්.පී ප්ලස් ලබන රටක් වූ ජෝරිජියාව මේ ඩොලර් 4,035 කඩඉම පසු කිරීම හේතුවෙන් යුරෝපා සංගමය විසින් 2017 ජනවාරි 01 වනදා සිට එම රට ජී.එස්.පී ප්ලස් ක්‍රමය යටතේ මෙන්ම සාමාන්‍ය ජී.එස්.පී ක්‍රමය යටතේද සහන ලැබීමට නුසුදුස්සකු හැටියට යුරෝපා කොමිසමේ 2015 අගෝස්තු 28 දින, අංක 2015/1979 දරණ නියෝජ්‍යත්ව රෙගුලාසිය මඟින්  ප්‍රකාශයට පත්කරන ලදී.  යුරෝපා සංගමයේ ජී.එස්.පී බදු සහන ක්‍රම මුල සිටම සැලසුම්කොට තිබුණේ දුප්පත්ම රටවල් මුලදී සම්පූර්ණයෙන්ම බදු රහිතව  යුරෝපයට භාණ්ඩ අපනයනය කොට, යම් දියුණුවක් ලැබූ පසු සහනදායී බද්දක් ගෙවීම දක්වාත්, එක්තරා කඩඉමක් පසු කිරීමෙන් අනතරුව සම්පූර්ණ බද්ද ගෙවන තත්වයට පත් වෙන ආකාරයටය. යුරෝපා සංගමයේ ජී.එස්.පී බදු සහන ක්‍රමයන් යටතේ සම්පූර්ණයෙන්ම බදු රහිතව, නැතිනම් සහනදායී බද්දක් ගෙවා අපනයනය කිරීමේ වරප්‍රසාදය සදාකාලිව යම් රටකට හිමිවන්නේ නැත.  ආර්ථිකයේ වර්ධනයත් සමඟ සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමයෙන්  ලැබෙන ජී.එස්.පී බදු සහන නැතිවෙන බව වටහා ගැනීම වැදගත්ය. ඇතැම් අවස්ථාවල වෙනත් හේතුන් නිසාද මේ සහන අහෝසි විය හැක. 2005 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට තුළට එන ඇඟලුම් අපනයනයන් සඳහා වූ කෝටා ක්‍රමය අහෝසි කරන ලදී. ලංකාව වැනි රටවල් ඇමරිකානු වෙළඳපලට ඇතුල් වීමට මේ කෝටා ක්‍රමය මත රඳා පැවතුනි. නමුත් ඒ අත්වැල නැතිවීමෙන් පසුත් ඇමරිකාව තවමත් අපේ ඇඟලුම් අපනයනයන් සඳහා විශාලම වෙලඳපල වේ. එවැනි අභියෝග එන විට ඒවාට මුහුණ දීමට අපි සූදානම් විය යුතුය.  ළමා ශ්‍රමිකයන් නොසිටීම, ඉහළ පාරිසරික ප්‍රමිතීන් පවත්වාගෙන යෑම, කර්මාන්තශාලා වල පහසුකම් සාපේක්‍ෂව ඉහළ මට්ටමක තිබීම, වැනි බටහිර රටවල්වල අලෙවි කළ හැකි ප්‍රගතිශීලී ලක්‍ෂණ අපේ අපනයන කර්මාන්තවලට තිබේ. දියුණු රටවල ගනුදෙනුකරුවන්ට, ලංකාවෙන් එන්නේ, හානිකර නිශ්පාදන රටාවන්ගෙන් දූෂණය නොවූ භාණ්ඩ යැයි විශ්වාසයක් තැබිය හැක.   

අපි දැන් ඩොලර් 4,035 ඒක පුද්ගල ආදායම් කඩඉමට ඉතා ආසන්නව සිටින නිසා, අපිට දැනටම තිබෙන ශක්තීන් ප්‍රයෝජනයට ගෙන  යුරෝපා සංගමයෙන් කිසිඳු බදු සහනයක් නොලබන අනාගතයක් සඳහා සූදානම් විය යුතුය. නුදුරු අනාගතයේදී අපේ භාණ්ඩ යුරෝපා සංගමය තුළට යන විට සම්පූර්ණ ආනයන බද්දට යටත් වීමට නියමිත නිසා, අපි  ජී.එස්.පී ප්ලස් ලබාගන්නේ නැතුව, සහනදායි බද්දකට යටත්ව දිගටම සාමාන්‍ය ජී.එස්.පී ක්‍රමය යටතේම සිටියනම්, ඩොලර් 4,035 ඒ කඩඉම පසුකිරීමත් සමඟ ඇතිවෙන අලුත් තත්වයට හුරුවීම වඩාත් පහසු වීමට ඉඩ තිබුණි.  දැන් ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලැබී තිබෙන නිසා, ඩොලර් 4,035 කඩඉම පසු කිරීමත් සමඟ අපිට සම්පූර්ණ බදු රහිත තත්වයේ සිට, එක්වරම මුළු බද්දම ගෙවීමට සිදුවෙන තත්වයට මාරු වීමට සිදුවෙනු ඇත.  ආණ්ඩුව මේ අවස්ථාවේදී කළ යුත්තේ, අපට ඊයේ පෙරේදා ලැබුණු ජී.එස්.පී ප්ලස් බදු රහිත අපනයන වරප්‍රසාදය පමණක් නොව 2010 සිට තිබුණු සහනදායි බදු යටතේ අපනයනය කිරීමේ සාමාන්‍ය ජී.එස්.පී වරප්‍රසාදයත් යන දෙකම අහෝසි වීමට ඉතා ආසන්න බව ජනතාවට දැණුම් දී, ඒ යතාර්තයට මුහුණ දීමට සූදානම් වීමයි.

ජී.එස්.පී ප්ලස් ගැන යාතාර්ථවාදී නොවන බලාපොරොත්තු ජනතාව තුල ඇති කිරීම කිසිසේතම නොකල යුතුය. යුරෝපා සංගමයේ කිසිදු බදු සහනයක් නැති අනාගතයකට සූදානම් වීමට වැඩපිළිවෙලක් තිබිය යුතුය. අලුත් නිශ්පාදන එළිදැක්වීම, අලුත් වෙළඳ පොලවල් සොයා ගැනීම, කර්මාන්ත ශාලා නවීකරණය සඳහා අඩු පොලියට ණය ලබාදීම, ව්‍යාපාර පුලුල් කිරීම සඳහා බදු සහන ලබා දීම, කම්කරුවන්ගේ නිපුණතා වර්ධනය කිරීම මේ සංක්‍රාන්ති සමය ජය ගැනීමට අවශ්‍ය පියවර විය හැක. ආන්ඩුව මේ කෙරෙහි නිසි අවධානය යොමු කල යුතුය.

 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

MEDIA RELEASE

 

Restoration of GSP+ to Sri Lanka

 

The European Union restored GSP+ to Sri Lanka on 19 May 2017. The EU has three GSP schemes. The GSP scheme for the least developed countries with a per capita income below USD 1,025 provides zero duty access to the EU market. The ‘general GSP’ scheme for lower-middle income countries with a per capita income between USD 1,025 and USD 4,035 allows access the EU market on payment of a concessionary import duty. These two EU-GSP schemes have undoubtedly helped many developing countries to build export industries. The EU’s GSP+ scheme allows lower-middle income countries which would normally be charged a concessionary import duty, to enjoy zero duty access to the EU market – but at a heavy price. Applicants for GSP+ must ratify 27 international conventions and place themselves under the political supervision of the EU. As a result, only nine countries including Sri Lanka have joined the GSP+ scheme.

 

Fulfilling the conditions to qualify for GSP+ could cause permanent damage to a country’s political, legal and institutional framework, which is why my government allowed GSP+ to be withdrawn in 2010 without agreeing to the political demands the EU made for the continuation of GSP+ such as instituting war crimes inquiries against our armed forces and greater devolution of power. After we lost GSP+ in 2010, we came under the general GSP scheme and our exports were charged a concessionary rate of duty by the EU. Since GSP+ was restored to Sri Lanka last month, the government has said that there will be a boom in exports of everything ranging from fisheries products to apparel and other industrial goods to Europe. Hopes have been generated of foreign investors flocking to Sri Lanka to make use of duty free access to the EU market. The government keeps telling the people that our entire future can be built upon GSP+. However, it should be understood that GSP+ offers only temporary economic benefits.

 

The EU’s GSP schemes are governed by Regulation No: 978/2012 of the European Parliament and the Council of 25 October 2012. A country can benefit from GSP+ only so long as it is a lower-middle income country with a per capita income less than USD 4,035. Upper-middle income countries above that threshold are not entitled to any EU-GSP scheme at all, and goods from such countries are charged the full import duty by the EU. Sri Lanka’s per capita income was USD 3,843 in 2015 and USD 3,835 in 2016 which means that we are just USD 200 away from  the threshold of USD 4,035 which will make us ineligible for any kind of EU-GSP scheme. How close are to that threshold can be gauged from the fact that during my nine years in office, our per capita income grew by an average of USD 286 per year. After Sri Lanka reaches the USD 4,035 mark in a particular year, we will be under observation for a further two years and then given a grace period of about one year before being taken out of all EU-GSP schemes.

 

Georgia, which used to be a GSP+ recipient, crossed the USD 4,035 threshold and was declared ineligible for both the general GSP and GSP+ schemes by the EU with effect from 1 January 2017 by EU Commission Delegated Regulation No: 2015/1979 of 28 August 2015. The EU-GSP schemes were always designed to take a country gradually from zero duty to paying a concessionary duty and later to paying the full duty. Zero duty access or concessionary duty access under the EU’s GSP schemes was never meant to be perpetual. Countries lose GSP concessions as their economies grow. At times such concessions can be withdrawn by the donor countries for other reasons as well. In 2005, the quota system for apparel imports into the USA which countries like Sri Lanka relied on heavily, was abolished. Yet our apparel exports to the USA continued to grow. Our export industries have certain marketable strengths such as the absence of child labour, adherence to high environmental standards and comparatively good working conditions for employees. Buyers can thus rely on getting an untainted product from Sri Lanka.

 

Since we are very close to the USD 4,035 per capita threshold, we should prepare for a future without any GSP concessions from the EU, by building on the strengths we already have. Ironically, the transition to a future where we will have to pay the full import duty to the EU would have been easier if we had simply remained within the ‘general GSP’ scheme paying a concessionary duty until we cross the USD 4,035 mark. It should be borne in mind that because GSP+ was restored to Sri Lanka, once we cross the USD 4,035 mark, we will have to make a sudden transition from enjoying zero duty status to paying the full import duty. The government should inform the people and the export industries that we are on the verge of losing not only the recently restored GSP+ but the ‘general GSP’ concession that we had since 2010 as well.  

 

The government should not create unrealistic expectations about GSP+ among the public. Programmes should be started to help businesses prepare for the inevitable transition to a future without any EU trade concessions, through the diversification of products and markets. Providing low interest capital to modernize factories, tax incentives for expansion, upgrading the skills of the labour force may be some of the measures needed to facilitate this transition. It is hoped the government will give due consideration to these matters.

 

 Mahinda Rajapaksa

Former President of Sri Lanka     

 

Copyright © 2017 LNW TODAYThemetf

To Top