Conspiracy

සිරිසේනගේ කනට ගසා ශ්‍රීලනිප 14 මහින්ද හමුවෙයි..

වත්මන ආණඩුවේ අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු 14ක් පසුගිය සතිදෙක තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම හමුවීම් සිදුව ඇත්තේ විෙජ්රාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී හා තංගල්ලේ කාල්ටන් නිවසේදී යැයිද පැවසේ.

හමුවූ අමාත්‍යවරුන් පිරිස අතරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බොහෝ දෙනකු අයත් බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ සිදුවන වෙනස්කම් හේතුවෙන් එම පක්ෂයේ අභ්‍යන්තරය මේ වන විට උණුසුම් වී තිබේ.

එබැවින් මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ පිළිබඳව ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය දේපළ විකුණමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරන විටත් ආණ්ඩුව තුළ මුනිවත රැකීමට සිදුවීම පිළිබද ද ඔවුන් කලකිරීමෙන් අදහස් දක්වා ඇත.

ඒ අනුව ඔවුන් හිටපු ජනාධිපතිවරයාගේ කැදවීමක් ලැඛෙන තෙක් බලා සිටින බවත් එ කැදවීම හැකි ඉක්මනින් නොකෙරුණොත් සිය ආසනවල ජනතාව අතරින් තමන් ප්‍රතික්ෂේප විය හැකි බවත් හිටපු ජනාධිපතිවරයා හමු වූ බොහෝ අමාත්‍යවරුන් පවසා ඇතැයි ද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

Copyright © 2017 LNW TODAYThemetf

To Top