Featured

දේශීය හා විදේශීය ඊළාම්වාදීන් විදෙස් බලවතුන් ඒකීය රාජ්‍යය නැති කිරීමේ මෙහෙයුමක -මහින්දගෙන් නිවේදනයක්

ඒකීය රාජ්‍යය නැති කිරීමේ පියවරක් ලෙසව්‍යවස්ථාවේ සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමට නිර්දේශ වී තිබේ. ඒ අනුවදැනට මධ්‍යම ආණ්ඩුවට හෝ පලාත් ඒකක වලට අයත් නොවන සියලු බලතල පලාත් ඒකක වලට දිය යුතු බවට මධ්‍ය හා පර්යන්තය පිලිබද අනුකමිටුව යෝජනා කර ඇත. එපමණක්ද නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුත් පලාත් ඒකක යටතට පත් කිරීමටත් නිර්දේශ වී තිබේ. මෙය අදියරෙන් අදියර ඒකීය රාජ්‍යයේ ආණ්ඩුව දිය කර දැමීමේ වැඩ පිළිවෙලක් බව පෙනෙන්නට තිබේන් බව රට ජාතිය නැති කිරීමට ව්‍යවස්ථා හා නීති සංශෝධන කෙටුම්පත් කිරීම යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

 

රට ජාතිය නැති කිරීමට ව්‍යවස්ථා හා නීති සංශෝධන කෙටුම්පත් කිරීම

ශ්‍රී ලංකාවේව්‍යවස්තාවත්,රාජ්‍යයේ ව්‍යුහයත්, නීති පද්ධතියත් වෙනස් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහල වී තිබේ. පසුගිය නොවැම්බර් මාසේ සිට එක්කො නිල වශයෙන් එළි දක්වනු ලැබූ, නැතිනම් වෙනත් මාර්ගයකින් මාධ්‍යට හෙළි වූ ලියවිලි කිහිපයකින් ආණ්ඩුවේ අභිමතාර්ථය පැහැදිලි වේ. ව්‍යවස්ථාදායක සභාවේ අනුකමිටු හයේ නිල වාර්ථා පසුගිය නොවැම්බර්මාසයේ එලිදක්වනු ලැබීය.අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව හා සංක්‍රාන්තිකයුක්තිය පිළිබද කාර්යසාධක බලකායේ වර්ථාව ජනවාරියේපලවිය. GSP+ බදු සහනය නැවත ලංකාවට ලබා දීමටයුරෝපා සංගමය පැනවූකොන්දේසි 58ත්, ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අගමැතිවරයා යෝජනා කරන නවනීති කෙටුම්පතත් ඒ අතරතුර මාධ්‍යය හරහා ප්‍ර‍සිද්ධියට පත්විය.

මේලියවිලි සියල්ලේම පදනම වන්නේ 2015 ඔක්තෝබර් මාසයේදී ලංකාවේ යහපාලන ආණ්ඩුවේ උදව් සහ සම අනුග්‍රාහකත්වයද සහිතව ඔබාමා පාලනය සහ යුරෝපීය බලවතුන් විසින් එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවයි. අද වෙන විට මහා දේශපාලන පෙරලියක් සිදුවී ඔබාමා පාලනය අතුගෑවී ගොස් තිබුණද, ඇමරිකාවේ අලුත් ආණ්ඩුවට කතා කොට, මේ භයානක ලියවිල්ලේ වගන්ති වෙනස් කරගැනීමට ලංකාවේ ආණ්ඩුව කිසිදු උත්සාහයක්දරා නැති බව මෙහිදී ජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. 2015 දී යහපාලකයෝ මේ යෝජනාවට ලංකාවේ සම අනුග්‍රාහකත්වය ලබා දුන්නේදවිදෙස් රටවලබලපෑමටම නොව, තමන්ගේද  න්‍යෛසර්ගික දේශද්‍රෝහී න්‍යාය පත්‍ර‍යඅනුවය. අද වෙන විට, 2015 දී ගෙනා යෝජනාව කර තියාගෙන යන්නේ ඇමරිකානු ආණ්ඩුවෙන් නොව ලංකාවේ ආණ්ඩුවෙන්ම බව පැහැදිලිය. මෙහි සදහන් කල ලියවිලි පහෙන් හෙළිවෙන සමස්ථ සැලසුමේ අංගෝපාංග පහත දැක්වෙන ආකාරයට සම්පිණ්ඩනය කර දැක්විය හැක.

 

  • අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකායේ නිර්දේශ අනුවශ්‍රී ලංකා රජය මෙරටේ ඇතිවූ සන්නද්ධ ගැටුම් වල ‘වින්දිතයන්ගෙන්’ සමාව ගත යුතුය.නමුත් ත්‍ර‍ස්තවාදී සංවිධාන හෝ ඔවුනට උඩගෙඩි දුන් වෙනත් දේශපාලන සංවිධාන කිසිවෙකුගෙන්වත්සමාව ගතයතුනොවේ. ඒ අනුව ත්‍ර‍ස්තවාදය මර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකා රජය කර ඇත්තේ වරදක්ය යන අදහස ලෝකයට කියවේ.
  • කොටි සංවිධානයේ සුසානභූමි පෙර තිබූ ආකාරයට නැවත සකස් කරදිය යුතු බවත්, කොටි මහවිරු දිනය සැමරීමටඅවශ්‍ය අයට ඒ සදහා ඉඩදිය යුතු බවත්, කොටි සාමාජිකයන්ගේ ඥාතීන්ට මියගිය කොටි සාමාජිකයන්ගේ ඡායාරෑප කොටි නිල ඇදුමද සහිතව තම නිවෙස්වල ප්‍ර‍දර්ශනය කිරීමට අවසර දියයුතු බවටදඅග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකාය නිර්දේශ කර ඇත. නමුත් ත්‍ර‍ස්තවාදයට එරෙහි සටනේ දිවි පිදූරණවිරුවන් සැමරීමට වැඩපිළිවෙලක් හෝ ඔවුන් ලැබූ ජයග්‍ර‍ණ සැමරීමට වැඩපිළිවෙලක් ගැන හෝ මේ එක ලියවිල්ලකවත් සඳහන් වන්නේ නැත.

 

  • චෝදනා ගොනු කරනු නොලැබූ සියලුම කොටි සැකකරුවන් වහාම නිදහස් කලයුතුබවත් අපරාධ සිදු කලායි සැක කරන සන්නද්ධ හමුදා සාමාජිකයන් හිරභාරයටගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකායකියයි. සංහිදියාව ඇති කිරීමට මෙය අත්‍යවශ්‍ය සාධකයක් හැටියට ඔවුන් හුවා දක්වයි.

 

  • 2015 ඔබාමා ආණ්ඩුවේ මානව හිමිකම් යෝජනාව හා යුරෝපා කොමිසමේ GSP+ කොන්දේසි මාලාවට අනුව යමින්, අපේ රණවිරුවන්ට එරෙහිව විදේශීයසහභාගීත්වයද සහිතව යුද අපරාධ අධිකරණයක් පිහිටවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියා කාර්ය සාධක බලකාය නිර්දේශ කර තිබේ. කොටි සාමාජිකයන් මේ වන විට එක්කො පුනරුත්තාපණය ලබා තිබෙන නිසා, නැතිනම් පවතින නීතිය යටතේ ඔවුන්ට නඩු පවරා තිබෙනනිසා, මේ යුද අපරාධ අධිකරණය විසින් කොටි සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවට යෝජනා වී ඇත. ඒ වෙනුවට කොටි සංවිධානයෙන් ඉවත් වී ආණ්ඩුව සමග එකතු වී කටයුතු කල හිටපු කොටි නායකයන්ට එරෙහිව යුද අපරාධ විමර්ශන පැවැත්විය යුතු බවටඅග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකාය කියයි.

 

  • 2015 ජිනීවා මානව හිමිකම් යෝජනාවට අනුව යුද අපරාධ සිදු කල බවට සැක කරන නමුත් යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නැති සන්නද්ධ හමුදා සාමාජිකයන්පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කල යුතු වේ. නමුත් ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අග්‍රාමාත්‍යවරයාසම්පාදනය කර තිබෙන නව නීතියට අනුව යම් ත්‍ර‍ස්තවාදී සැක කරුවෙකුට එරෙහිව ප්‍ර‍මාණවත් සාක්ෂි නැතිනම් සමාව ඉල්ලීම, පසුතැවීම ප්‍ර‍කාශ කිරීම, පුනරුත්තාපණය ලැබීම, ඉදිරියේදී අපරාධ නොකිරීමට පොරොන්දු වීම, ප්‍ර‍ජාසේවයේ නියුතු වීම, වැනි කොන්දේසියක් මත නීතිපතිවරයාට හෝ මහ අධිකරණයට එම ත්‍ර‍ස්තවාදියාට එරෙහිව ගෙන තිබෙන නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවිය හැක.

 

  • යුද අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් වන සන්නද්ධ හමුදා සාමාජිකයන්ට කිසිදු පොදු සමාවක් ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍යවරායාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකාය කියයි. නමුත් ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කර තිබෙන නව නීතියට අනුව උසාවියක් විසින් වැරදි කරුවෙකු කරනු ලැබූ ත්‍ර‍ස්තවාදියෙකුට වුවත් ත්‍ර‍ස්තවාදය හෙළාදැකීම, පසුතැවීම ප්‍ර‍කාශ කිරීම, අදාල අපරාධය සිදු වූයේ ඉහළින් ආ බලපෑම් නිසා බව පෙන්වීම, යන කාරණා මත සිර දඩුවම් ලිහිල් කිරීමට වගන්ති ඇතුලත් කර තිබේ.

 

  • අග්‍රාමාත්‍යවරයාගේ සංහදියාව පිළිබද කාර්ය සාධක බලකාය කර තිබෙන තවත් නිර්දේශයක් වන්නේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට අවශ්‍ය දිරිගැන්වීම් දී කළින් විශ්‍රාමයැවීමයි. මේ සදහා සන්නද්ධ හමුදා සාමාජිකයන් පොළඹවා ගැනීමට ඔවුනගේ ළමයින්ට හොද පාසල් ලබා දී, වෙනත් රැකියා සොයා දී,පිටත් කර යැවිය යුතු වේ. මේ ආකාරයට හමුදා විසුරුවා හැර, අත්දැකීම් සහිත හමුදා නිලධාරීන් හා සෙබලුන් ගෙදර යවා, රටේ ආරක්‍ෂාව තහවුරු කරන්නෙ කෙසේද කියා මේ එක ලියවිල්ලකවත් සඳහන් නොවේ.

 

  • ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන අලුත් නීතියට අනුව අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති, මානව හිමිකම් කොමිසම හා එම පළාතේ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගන්නා ත්‍ර‍ස්තවාදී සැකකරුවන්ගේ සුරක්‍ෂිතභාවය තහවුරු කල යුතු වේ. රදවා ගැනීම් නියෝගයක් යටතේ සැකකරුවන් රදවා ගැනීම මාස 03 සිට දවස් 30 දක්වා අඩු වේ. රදවා ගෙන සිටිය හැකි උපරිම කාලය මාස 18 සිට මාස 06 දක්වා අඩු වේ. සැකකරුට එරෙහිව අවුරුද්දක් ඇතුළත නඩු ගොනු නොකලොත්, නැතිනම් නඩුවේ කාලය අවුරුදු දෙකකට වඩා දික් ගැස්සුනහොත්, සැකකරු ඇප මත නිදහස් කල යුතු වේ. ත්‍ර‍ස්තවාදී සැකකරුවන්ට උපරිම අවකාශය සලසන අතර රාජ්‍ය හමුදා වලට උපරිම ලෙස බාධා වෙන ආකාරයට මේ යෝජනා කෙටුම්පත් කර තිබේ.

 

  • පොලීසිය, නීතිය හා සාමය අනු කමිටුවේ නිර්දේශවලට අනුව මාස තුනකට වඩා කාලයක්, නැතිනම් දින 180 ක් තුළ දින 90කට වැඩි කාලයක් හදිසි නීතියපවත්වගෙන යන්න නම් ඒ සදහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය වේ. හදිසි නීතිය ප්‍රකාශ කිරීම මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කර ඒවා අවලංගු කිරීමට වුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරීමට මෙහිනිර්දේශ කර තිබේ. නීතියහා සාමය බිද වැටීමකට සුදුසු ආකාරයට ප්‍ර‍තිචාර දැක්වීමට විධායකයට ඇතිබලය මෙයින් සීමා වේ.මේ ආකාරයට විධායකයත්, හමුදාවත්, පොලීසියත් දඩුකදේ ගසා නීතිය හා සාමය රකින්නේ කෙසේද යන්න මෙහිදී සලකා බලා නැත.

 

  • ජාත්‍යන්තර සමමුතීන් ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කරගන්නාක්‍රමවේදය වෙනස් කර ජිනීවා මානව හිමිකම් කමිටුවටලංකාවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩදිය යුතු බවඅධිකරණය පිළිබද අනු කමිටුව යෝජනා කර තිබේ. එයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු සමාලෝචනය කිරීමට ජිනාවාහි මානව හිමිකම් කමිටුවට බලය ලැබෙන නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ලංකාවේ ඉහලම උසාවිය හැටියට ඇති තත්වය අහිමි වේ. රටක අධිකරණය ජාත්‍යන්තර අධිකරණයකට යටත් කිරීම යනු ස්වාධිපත්‍ය අහිමි වීමකි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කලේද යුරෝපා අධිකරණයේ ආධිපත්‍යයෙන් ගැලවීමටය.

 

  • ලංකාව නිර්ආගමික රාජ්‍යයක් බවට පත් කිරීමේ යෝජනාව සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධාක බලකාය නිර්දේශ කර තිබේ. බුදු දහමට ඇති විශේෂ තත්වය නැති කරන්නේ නැතෙයි කීවද එයත් මේ සමස්ථ සැලසුමේ කොටසක් බව මේ ලියවිලි වලින් පෙනේ.

 

  • පලාත් ආණ්ඩුකාරවරුන්ගේ සියලු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිලිබද අනුකමිටුව යෝජනා කරතිබේ. ඒ අනුව ආණ්ඩුකාරවරුන් අදාල මහඇමතිවරුන්ගේ අභිමතය පරිදි පත්කිරීමටත්, මහ ඇමතිවරයාගේ හා ඇමති මණ්ඩලයේ උපදෙස් පරිදි ආණ්ඩුකාරවරයාටකටයුතු කිරීමටත් සිදුවේ. පළාත් සභා තුළ මධ්‍යම ආණ්ඩුවේ අණසක පවත්වාගෙන යන්නේ ආණ්ඩුකාරවරුන්ය. ඒකීය රාජ්‍ය රැකෙන්නේ ආණ්ඩුකාරවරුන්ගෙන්ය. ඒ තනතුරේ බලය හීන වුවහොත්, ලංකාව ඉබේටම ෆෙඩරල් රාජ්‍යයක් වෙනු ඇත.

 

  • ඒකීය රාජ්‍යය නැති කිරීමේ පියවරක් ලෙසව්‍යවස්ථාවේ සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමට නිර්දේශ වී තිබේ. ඒ අනුවදැනට මධ්‍යම ආණ්ඩුවට හෝ පලාත් ඒකක වලට අයත් නොවන සියලු බලතල පලාත් ඒකක වලට දිය යුතු බවට මධ්‍ය හා පර්යන්තය පිලිබද අනුකමිටුව යෝජනා කර ඇත. එපමණක්ද නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුත් පලාත් ඒකක යටතට පත් කිරීමටත් නිර්දේශ වී තිබේ. මෙය අදියරෙන් අදියර ඒකීය රාජ්‍යයේ ආණ්ඩුව දිය කර දැමීමේ වැඩ පිළිවෙලක් බව පෙනේ.

 

  • ජාතික පොලිස් සේවයේ රාජකාරිය ජාත්‍යන්තර අපරාධ වැනි කාරණා කීපයකට සීමා කර, සියලුම එදිනෙදා පොලිස් රාජකාරී පළාත් පොලිස් සේවාවන් 9 කට පවරා දීමට නිර්දේශ වී ඇත. පළාත් පොලිස් සේවාවන් වලට පදිංචිය හා කතා කරන භාෂාව මත බදවා ගැනීම් සිදු කිරීමටත්, ඔවුන් භාවිතා කරන ගිනි අවි හා ලබන පුහුණුවද ඒ පලාත් බලධාරීන් විසින්මතීන්දු කිරීමටත්නියමිතය. එමෙන්ම, මේ සංශෝධන වලින් පසුපළාත් පොලිස් සේවාවන් අදාල පලාතේ පොලිස් කොමිසමට මිස ලංකාවේ පොලිස්පතිවරයාට හෝ මධ්‍යම ආණ්ඩුවට වගකීමට බැදී සිටින්නේ නැත.

 

  • මධ්‍ය හා පර්යන්ත පිළිබද අනුකමිටුවේයෝජනා වලට අනුව සියලු ඉඩම් බලතල පලාත් ඒකක වලට පැවරිය යුතු වේ. ජාතික ආරක්‍ෂාව වැනි මධ්‍යම ආණ්ඩුවේ කටයුත්තක් සදහා ඉඩම් අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් අදාල පලාත් සභාවට ඉදිරිපත් කල යුතු වේ. මෙවැන්නකට උතුරු නැගෙනහිරෙන් ලැබීමට ඉඩ තිබෙන ප්‍ර‍තිචාරය කුමක්දැයි අපිට කල් තියාම සිතාගැනීම අපහසු නැත.

යහපාලනආණ්ඩුව ව්‍යවස්තාවත් නීතියත් වෙනස් කිරීමෙන් බලාපොරොත්තු වෙන දේ ඉහත සදහන් කාරණා වලින්  පැහැදිලි වේ.යුද්ධය දිනපු නිසා සන්නද්ධ හමුදාවන්ට දඩුවම් දීම,මධ්‍යම ආණ්ඩුවක්හෝ ඒකීය රාජ්‍යයක් නැති වන තරමටම බලය බෙදීම, නීතිය හා සාමය බිදවැටීමකට ශ්‍රී ලංකා රජයට මුහුණ දීමට නොහැකි වෙන තැනට වැඩ සැලසීම,  ලංකාවේබහුතර ප්‍ර‍ජාවගේත් සන්නද්ධ හමුදා වලත් ජීවගුණය හා චිත්ත ධෛරය බිඳ, බෙදුම්වාදීන්ට හැකි තරම් වාසිදායක වාතාවරණයක් නිර්මාණයකරදීම මේ වැඩපිළිවෙලේ අරමුණ වේ. අප මෙහි සඳහන් කලලියවිලි වල නිර්දේශ ක්‍රියාත්මක වුවහොත්, ඉතුරු වන්නේ ෆෙඩරල් ප්‍රාන්ත නවයකට බෙදූශ්‍රී ලංකාවකි.අභයන්තර කැරැල්ලකටමුහුණ දිය නොහැකි ආණ්ඩුවකි. එතැන් සිටවෙනම රාජ්‍යයකට  ඇත්තේ තව එක් පියවරක් පමණි.

දේශීය හා විදේශීය ඊළාම්වාදී පිරිස් ඇතැම් විදෙස්  බලවතුන්ද සමග එකතුවී2015 ජනාධිපතිවරනයේ ප්‍ර‍තිපලය විකෘති කරනු ලැබුවේ දශක හතරක  ත්‍ර‍ස්තවාදයෙන් ලබා ගැනීමටබැරි වූ දේ ඒඅයට ලබා දීමටසූදානම් ආණ්ඩුවක් බලයට ගෙන ඒමටය. ආණ්ඩුව තුළ සිටන සියලුම ශ්‍රිලනිප සාමාජිකයන්ටත්, එජාප මන්ත්‍රීවරුන්ටත් මා මෙහිසදහන් කළ ලියවිලි පහ කියවා බලන ලෙස  මම ආරාධනය කරමි. මෙවැනි දේශද්‍රෝහී වැඩපිළිවෙලකට එකග වී රටත්, ජාතියත් පාවා දෙනවාද නැද්ද යන්නපක්‍ෂ භේද පසෙක තබා සෑම මන්ත්‍රීවරයෙකුම තනි තනිව ගත යුතු තීරණයක් වන්නේය. පසුගිය ජනාධිපතිවරණය සමයේ යහපාලකයෝ රටට දුන් ප්‍ර‍ධානම ව්‍යවස්තාමය ප්‍ර‍තිඥා දෙක වූයේ විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීමත්, මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරීමත්ය.

ජනතාවට දුන් මේ පොරොන්දු දෙකම සම්පූර්ණයෙන්ම පසෙක ලා, ඉහත සදහන් වැඩපිළිවෙල මේ තරම් උනන්දුවෙන් ඉදිරියට ගෙන යෑමට මේ ආණ්ඩුව පෙළඹී ඇත්තේ, ඔවුන්ට මේ රටේ ජනතාවට වඩා වැදගත් වෙනත් හාම්පුතුන් පිරිසක් සිටින නිසා නොවෙදැයි මහජනතාව කල්පනා කර බැලිය යුතුය.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Constitutional and legal reforms to destroy the nation

The government’s efforts to fundamentally change the constitution, the law and the structure of the Sri Lankan state is expected to come to the fore in the months ahead. Since November last year, several documents that have either been officially released or have come to light by other means, reveal very clearly the intentions of the government. The reports of six subcommittees appointed by the Steering Committee of the Constitutional Assembly were published in November last year.  The report of the Prime Minister’s Consultative Task Force on Reconciliation and Transitional Justice was released in January this year. In the meantime, the 58 conditions imposed by the European Commission to restore GSP+ to Sri Lanka and the Prime Minister’s framework for the new counter terrorism law that is to replace the Prevention of Terrorism Act, also came to light through the media.

 

The fountainhead of the four documents mentioned above is the UN Human Rights Council resolution of October 2015 which was brought against Sri Lanka by the Obama administration and the European Union and co-sponsored by the yahapalana government. Even though a radical regime change has taken place in the USA since then, the yahapalana government has not taken any steps to hold talks with the new US administration and to get the resolution against Sri Lanka amended. It thus becomes plain that the yahapalayakayas co-sponsored this dangerous resolution in 2015 not only due to pressure from foreign parties but also because of their intrinsic anti-national leanings. It should be borne in mind that as of this moment it is not the American government that is carrying forward the resolution against Sri Lanka, but our own government. The blueprint for change laid down for Sri Lanka by the yahapalana government as revealed by the documents mentioned above, can be summarised as follows:

  • The Prime Minister’s Task Force on Reconciliation has recommended that apologies should be tendered by the Sri Lankan State to the victims of the armed conflicts that took place in this country. However, they have not required any terrorist organisation or political groupings that backed the terrorists to tender apologies to anybody.

 

  • It has also been proposed by this task force, that LTTE cemeteries should be restored, the observance of ‘MaaveerarDinam’ allowed to continue and the families of deceased LTTE cadres permitted to display a photograph of the deceased terrorist  in LTTE uniform, in their homes. However no proposal has been put forward to commemorate the war heroes who died fighting terrorism or the victory that was achieved by them.

 

 

  • As a means of promoting reconciliation, all LTTE detainees who have not been charged under the PTA or other laws are to be released forthwith while members of the armed forces suspected of committing crimes are to be arrested.

 

  • A war crimes tribunal with foreign participation is to be set up to try members of our armed forces in terms of the Obama administration’s UNHRC resolution against Sri Lanka and the European Commission’s 58 conditions to restore GSP+. The Prime Minister’s Task Force on Reconciliation while also recommending a war crimes tribunal with foreign participation, has suggested that no LTTE members be prosecuted by this body if they have been through rehabilitation or have been prosecuted under the existing judicial system. They have however, suggested that leaders of the LTTE who left the terrorist organisation and allied themselves with the government of Sri Lanka should be tried for war crimes.

 

  • As per the 2015 Geneva resolution, members of the armed forces who are suspected of having committed war crimes but who cannot be taken before a war crimes tribunal due to the lack of evidence, will be removed from service through an administrative process. However according to the Prime Minister’s proposed law to replace the PTA, if sufficient evidence cannot be found against a terrorist suspect, the Attorney General or High Court can halt criminal proceedings against that terrorist suspect if he agrees to express remorse, tender an apology, participate in a program of rehabilitation, give a public undertaking not to commit any offence or engage in community service.

 

  • The PM’s Task Force on Reconciliation had recommended that no amnesties should be granted to members of the armed forces suspected of war crimes. However according to the Prime Minister’s proposed law to replace the PTA, even after a terrorist is found guilty by a court of law, the sentence will be mitigated if the convict publicly denounces terrorism, expresses remorse, or avers that he committed the crime only under instructions from superiors, etc.

 

  • A phased demobilisation of security forces personnel with an attractive early retirement package including pensions, admissions to good schools for their children, alternative civilian employment etc. has also been recommended by the PM’s Task Force on Reconciliation. None of the documents mentioned above have discussed how the security of the state can be ensured after demobilising experienced officers and soldiers in this manner.

 

  • Under the new law that has been proposed to replace the Prevention of Terrorism Act, the police OIC of the area, the Human Rights Commission and the local Magistrate will be required to ensure the safety and welfare of any terrorist suspect arrested. The permissible period of detention is to be reduced from three months 30 days and the maximum period from 18 months to six months. The suspect will be released on bail if he is not charged within one year or the court proceedings take more than two years. These provisions have been drafted so as to provide the maximum leeway for terrorists and cause the maximum obstruction of the armed forces.

 

  • According to the recommendations of the Subcommittee on Police, Law and Order, if a state of emergency is to be in force continuously for a period in excess of 3 months or for a period of more than 90 days within a period of 180 days, the extension of the state of emergency will require a ‘special majority’ in parliament. The Supreme Court will be empowered to review and even annul orders imposing emergency and the emergency regulations that come into effect through such orders, thus restricting the powers of the executive in responding to breakdowns in law and order. No consideration has been given to the question of how law and order can be maintained by hogtying the executive, the police and the armed forces in this manner.

 

  • The Subcommittee on the Judiciary has recommended that appeals to the Human Rights Committee in Geneva be allowed by changing the law applicable to the incorporation of international treaties into local law. Thereby the Supreme Court of Sri Lanka will cease to be the highest court in the land because the Human Rights Committee will have the power of review over Supreme Court judgments. The subordination of the highest court to an international court entails a loss of sovereignty. One of the main reasons why Britain voted to leave the European Union was to escape the domination of the European courts system.

 

  • The Prime Minister’s Task Force on Reconciliation has requested the government to seriously consider the establishment of a secular state. Even though members of the government claim that the special status accorded to Buddhism will not be abolished, that too is a part of the agenda.

 

  • The Subcommittee report on Centre Periphery Relations has recommended that the powers of the provincial governors be abolished and that they be appointed with the concurrence of the chief ministers and required to perform their duties according to the chief minister’s instructions. The Governors uphold the writ of the government in the provinces. If his powers are diminished, Sri Lanka will automatically become a federal state.

 

 

  • In a further move to do away with the unitary state, the concurrent list in the constitution is to be done away with and any subject not specified in either the central government list or provincial list will be given to the provinces, thus enhancing the powers of the provinces vis a vis the central government. The District and Divisional Secretaries who now function under the central government are to be placed under the provincial units as a further means of shifting state power from the centre to the provinces and doing away with the unitary state step by step.

 

  • The jurisdiction of the national police force will be restricted to a few offences such as international crimes while all day to day police work such as crime fighting and investigation, narcotics, traffic, etc will be handed over to nine separate provincial police forces. Recruitment to these police forces will be based on residential and linguistic criteria and there will be no transfers between provinces. The provincial police forces will decide on the firearms they use and conduct their own training and be responsible to the provincial police commission and not to the IGP or the central government.

 

  • The Subcommittee on Centre Periphery Relations has recommended that all powers over State land be transferred to the provinces.  If the central government needs to utilise a piece of State land for any purpose like national defence, a request will have to be addressed to the relevant provincial council.  It is not difficult to imagine how the provincial authorities in the North and East will react to such requests.

The agenda that runs through the five documents mentioned above are, firstly, punishing the armed forces for winning the war, secondly, devolving more and more power to the provinces until the central government ceases to be relevant, thirdly, destroying the ability of the Sri Lankan state to respond adequately to a break down in law and order, fourthly demoralising and breaking the will of the majority of the population and the armed forces, and fifthly, creating as favourable space for separatism as possible. If these provisions are implemented, what we will be left with will be a fragmented Sri Lanka made up of nine federal states with a very weak central government which is legally prevented from responding effectively to situations of internal disorder. From that point, it will be just one step towards a separate state.

 

The Eelamist lobby both here and abroad working together with certain foreign powers, skewed the result of the 2015 January presidential election to bring into power a government through which they hope to achieve what could not be won through four decades of terrorism. I invite all SLFP members in the government, and parliamentarians of the UNP as well, to read the five documents mentioned here and to decide for themselves whether they want to betray the country and the nation by supporting this traitorous agenda. The main constitutional pledges given to the people at the last Presidential election was the abolition of the executive presidential system and electoral reform.  The reason why the government is pursuing the above mentioned agenda with great enthusiasm while completely ignoring the constitutional pledges they gave to the people is obviously because they have other, more important masters to please than the people of this country.

 

MahindaRajapaksa

Former President of Sri Lanka

 

 

Copyright © 2017 LNW TODAYThemetf

To Top