Conspiracy

රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස

Published on: Nov 23, 2016- ජාතිවාදය පතුරුවා ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ රදවා ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කාලයක් නතර වි තිබු අන්තවාදි කණ්ඩායම් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් යලිත් අවදි වි සිටින අතර ඔහුන් භාවිතා කර ගනිමින් බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිමේ ඉතාමත් සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ඔහු සදහන් කළේ.එම මෙහෙයුම හරහා බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට මෙන්ම එජාප නයකයාට අවශ්‍ය වන පරිදි ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරිම හරහා රාජ්‍ය බලය අල්ලා ගැනිමටද මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේ.

අදාළ ජාතිවාදී කුමන්ත්‍රණය පසුපස සම්පුර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුලු තවත් බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර එහෙන් මෙහෙන් ඇහිද ගත් කණ්ඩායම් යොදවා මෙම කුමන්ත්‍රණය දියත් කිරිමට එජාප නායකත්වය කටයුතු කරමින් සිටින අතර එම ජාතිවාදී ව්‍යාපාරයේ බිල්ලා මැවිමේ මෙහෙයුම නිරන්තර මැවු පොන්න මංගල සහ ඔහුගේ සහචරයන් විසින් ඉටුකරමින් සිටින බවද මේ වනවිට අනාවරණය වි ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

ජාතිවාදී කණ්ඩායම් රටේ කුලප්පුකර ඒ හරහා සිවිල් ජනයා අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරිමත් ඒ හරහා යහපාලනය උදාකිරිම වෙනුවෙන් කැපවි කටයුතු කල දැනට ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරිමට ලක්ව මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ගොඩනැගෙමින් තිබේන  සිංහල,දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව යලිත් භෙද බින්න කිරිම බෙදුම්වාදී,ඊළාම්වාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත් කර ගැනිම සදහා වන ජනමත විචාරණය ජයග්‍රහණය කිරිම එජාපයේ එකම අරමුණ වි තිබේ.

ඥානසාර ….වැරදුනා ඇත්තටම එකා නානසාර බව අමුතුවෙන් කියාදියයුතු නැත.පසුගිය ජනාධිපතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කිහිප දෙනෙකු ඩිලන්ත ඉත්තේකු කර ගනිමින් නෙදර්ලන්ත රාජ්‍ය නොවන මුදල් යටතේ රටම ගිනි තැබු BBS අවසානයට මහින්ද රාජපක්ෂ පරාජය කිරිමට කටයුතු කල අයුරු අමුතුවෙන් කියාදිය යුතු නැත.ආණ්ඩු පෙරලියෙන් පසුව යනඑන මං නැතිව සිටි නානසාර “සිංහලේ” වයාපාරය සමාජය තුලින් මතුවිමත් සමග එහි බලය අල්ලා ගැනිම සදහා විවිධ උපක්‍රම යෙදු අතර අවසානයේ එය තමන්ගේ බව හදුන්වාදෙමින් වත්මන් සිරිසේන ජනාධිපතිවරයාද හමුවිමට නානසාර සමත්විය.යලිත් එක් වරම රාජපක්ෂලා මත වරද පටවමින් පසුගිය දින කිහිපයේ ඇතිවු අන්තවාදින්ගේ ජාතිවාදි ඩීල් එක අවසාන වුයේ ඩිල්දාස හෙවත් වත්මන් බුද්ධ සාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමුවිම්වෙන් අනතුරුවය. එම හමුවට නානසාර යන්නේම වතමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලිමකට අනුවය.

එදා අලුත්ගම..මෙදා මහනුවර….ආණ්ඩුවේ පක්කලිකම් කරන නානසාරගේ වැඩ මෙන්න 

ජාතීවාදය අවුලුවමින් නුවර මුස්ලිම් පල්ලිය පාර… by lnwtoday

නානසාර සහ ඩිල්දාස අතර සම්බන්ධය ………..

ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලෙස දහස් ගණනක් විසින් කර තිබෙන ඉල්ලීම නොතකා හරිමින් නීතිය භාර අමාත්‍යවරයා බොදුබල සේනානායක හිමි සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.පොලිස්පති පූජිත් ජයසුන්දරට 22 අඟහරුවාදා භාරදෙන ලද පන්දහසකට අධික ශ්‍රී ලාංකිකයන් විසින් අත්සන් කළ පෙත්සමක් මගින් ඉල්ලා තිබුනේ බොදු බල සේනානායක ගලගොඩඅත්තේ ඥානසාර සහ අම්පිටියේ සුමන භික්ෂුන් දෙනම අත් අඩංගුවට ගන්නා ලෙසයි.

සුළුජාතීන් සහ ආගම් වලට විරුද්ධව භික්ෂුන් විසින් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට පොලිසියත් රජයත් මුනිවත රැකීම දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙලා දැක තිබෙන පෙත්සම පොලිස්පතිවරයාට භාර දුන් දිනයේම බුද්ධශාසනය සහ අධිකරණය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමු වූ ගලගොඩඅත්තේ ඥානසාර මාධ්‍යවේදීන්ට කීවේ සාකච්ඡා සාර්ථක ලෙසින් පැවති බවයි.

නානසාර සහ ඩිල්දාස අතර සම්බන්ධය අද ඊයේ එකක් නොවන බව අමුතුවෙන් කියාදිය යුතු නැත.පසුගිය ජනවාරි 27 වැනිදා ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය ඇවිස්සිම සදහා රට සහ අගම වෙනුවෙන් පෙනීසිටි සංවිධාන ජාතිවාදී සංවිධාන ලෙස හංවඩු ගැසිම සදහා මෙහෙයුමක් ක්‍රියාත්මක වු අතර එම කුමන්ත්‍රණය අපි එදිනම අනාවරණය කළා.

රටතුල ඇතිවෙමින් තිබේන සිංහල බෞද්ධ සංවිධාන මර්දණය කිරිමේ සහ භික්ෂුන්ට එරෙහිව යහපාලනය ගෙන් එමට නියමිත භික්ෂු මර්දණ පනත  කඩිනමින් ගෙන එමට මෛත්‍රීපාල සිරිසේනගේ වන්දිබට්ටයා බවට පත්ව රුවන් -මංගල -ඩිලන්ත අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කරන චිත්‍රපටයට අනුව බලහත්කාරයෙන් කෙසේ හෝ හිරේ ගොස් වීරයෙක් වීමේ දොලදුක සංසිදවාගත් ඥානසාරගේ කුමන්ත්‍රණයේ තවත් කොටසක් රටේ වගකිවයුතු බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබේ.

සම්පූර්ණ අනාවරණය කියවන්න …. ඥානසාර නාඩගමට ඩිල්දාස සහය දිලා

නානසාරලා සිරගත විය යුතුව තිබුනේ මීට බොහෝ කලකට පෙරය. පුරාවසර 10ක් තිස්සේ නානසාරලා කල අමන වැඩවල දෝංකාරය තවම පහව ගොස් නොමැත. අද සිංහලේ සංවිධානය දෙස බලන්නේද විවිධාකාරයේ පාට කන්නාඩි තුලිනි. නානසාරලා කල කී දේ පිබදව නිගමනයකට එලබීම පුරවැසියන්ට භාරය. නානසාරගේ මෙන්ම සිංහලේ සංවිධානයේද අගමුල සෙවීමද පුරවැසියන්ට භාරය. මේ ඒ පිලිබදව සටහනකි.

සම්පූර්ණ අනාවරණය කියවන්න …. ‘සිංහලේ’ උපන් ගෙයිම ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය හා සිරිසේන- නානසාර ඩීල් එක

නානසාර -සිරිසේන Deal ඔබට අමතකද? දිනය 2016 ජනවාරි 25 වැනිදා 

පසුගියදා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු අවස්ථාවේ ජනාධිපතිවරයා ඥානසාර හිමියන්ට පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අවශ්‍යතා අනුව රට බෙදිමට අදාළව සියලුම ගිවිසුම් වලට එකගත්වය පලකිරිමට ඔහුන් කටයුතු කර ඇති බවත් තමන්ට කිසිවක් කිරිමට තරම් ශක්තියක් නොමැති බවයි.තමන්ගේ ජනාධිපති ධුරය ආරක්ෂා කරගැනිමට නම රනිල්ගේ සහ චන්ද්‍රිකාගේ පදයට නටන්නට තමන්ට සිදුව ඇති බවද මෛත්‍රී ඥානසාර හිමිට පවසා තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ බෞද්ධයින් සම්බන්ධයෙන් රටතුල පැන නගින ජනතා බලවේග සියල්ල සියතට ගෙන පසුව එවා ක්‍රමිකව විනාශ කර දැමිමට කටයුතු කරන ලෙසට මෛත්‍රී ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා ඇති අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය නොපිරිහෙලා ලබාදිමටද මෛත්‍රී එකඟතාව පලකර තිබේ.

ජනතා නැගිටිම් ඥානසාරගේ කරගනිමින් පසුව උපායශීලීව එවා ආණ්ඩුවේ බත්බැල සංවිධාන කිරිමත් අවසානයේ බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා විනාශ කර දැමිමට ඥානසාරට ඔනෑවටත් වඩා අත්දැකිම් තිබේ.

සම්පූර්ණ අනාවරණය කියවන්න …. මෛත්‍රී-ඥානසාර Deal එක මෙන්න

නානසාර පසුපස සිටින කලු සල්ලි මල්ල…

බොදු බල සේනා සංවිධානයේ කූප්‍රකට මාෆියාකරුවේකු වන එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කරන කථිකාචාර්ය දිලන්ත විතානගේ හරහා මහින්ද රාජපක්ෂ මහතාට් සහය දක්වන ශ්‍රිලනීප සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ට මඩ ගැසිමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.කෙසේ වෙතත් මෙම රනිල්- දිලන්ත එකඟතාව සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය තුලද අර්බුදයක් හටගෙන තිබේන බව අප එවකට අනාවරණය කළා.

සම්පූර්ණ අනාවරණය කියවන්න …. දිලන්ත+රනිල් කුමන්ත්‍රණය මෙන්න

ජාතිවාදී ව්‍යාපාරයේ බිල්ලා මැවිම 

ජාතිවාදී බිල්ලා මැවිමේ මෙහෙයුම සදහා මෙවරත් දායක කර ගත්තේ පරණ පොරවල්මය …ඒ ජාතිවාදී ලේබලයේ ඉහලම තැන වැජබෙන නමට බෞද්ධයන් නියෝජනය කරන බොදුබල මාර සේනාවේ ඥානසාර සහ තව්හිද් ජමාත් නම් සංවිධානයේ මෙරට ප්‍රධානී අබ්දුල් රාසික් රෆ්දීන් බව රටේ ජනතාවට නොකියාම බැරිය.අනිකුත් සංවිධාන සියල්ලම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ සංවිධාන සමග පාරට වැටෙන්නේ නීරායාසයෙනි.ඊට ප්‍රධානම හේතුව වන්නේ ඔහුන්ට පැවැත්මක් නොමැති විමයි…..

ජාතිවාදිබිල්ලා මවන මංගලගේ ගොලයන්ගේ තුප්පහි මාධ්‍ය කලාව … මංගලගේ ඩීල් රුවන්ගේ වෙබ් මාෆියා ගොලයෙකු වන සුභාෂ් විසින් දුමින්දගේ මඩ පත්තරේ වන සත්හඩ පුවත් පතේ පසුගියි ඉරිදා තබා තිබු සටහන පහත දැක්වේ.එම ලිපිය කියවන් ඔනෑම අයෙකුට මේ රට ගිනී තියින කුමන්ත්‍රණය කාගේදැයි අමුතුවෙන් කියාදිය යුතු නැත.ඊට සමගාමිව මංගලද පාර්ලිමේන්තුවේ ජාතිවාදය සහ රාජපක්ෂලා යන මැයෙන් බයිලා ටිකක් පසුගිය දින කිහිපය තුල කල අකාරය රටේම තාව හොදින්ම දකින්නට ඇති.

jred

 

Copyright © 2017 LNW TODAYThemetf

To Top