Conspiracy

කුමන්ත්‍රණය තහවුරුයි.. උතුරේ කළබල මැඩීමට එක්සත් ජාතීන්ගේ හමුදාවක්…

අතුරැදහන් වූ කාර්‍යාල පනතේ 27.3 යටතේ ජාත්‍යන්තර සම්මුතියක් ගැන කියවේ. එම ජාත්‍යන්තර සම්මුතිය අනුව ජාතීන් අතර ආරවුලක් ඇති වූ විට විදේශීය හමුදා වලට ලංකාවට පැමිණිය හැකිය. ඒ අනුව මැච් එක නතර කරන්නේ උතුරේ කළබල මැඩීමට යාපනයට ගොඩබසින එක්සත් ජාතීන්ගේ හමුදා විසින් වීමේ වැඩි ඉඩක් මේ වන විට ගොඩ නැගී ඇත.

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නොපැමිණීමට බල පෑ ප්‍රධාන කරැණ වූයේ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නොතිබීමයි.

අද ඒසේ නො වේ. 2015.12.10 දින සිට අතුරැදහන් තැනැත්තන් කියමින් යුද්ධ කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව ඇතුළත් වී සිටී. මෙකී ජාත්‍යන්තර සම්මුතියට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එංගලන්තය ඇතුළත් වී නො සිටියදී ලංකාව ඇතුළත් වී ඇත. ඉන් පසුගිය යුධ ගැටුම් සහ සිදුවී ඇති සිදුවීම් සම්බන්ධව සෙවීමට නොහැකි බව දැන දැනත් එකී ජාත්‍යන්තර සම්මුතියට ලංකාව එකග කරගෙන ඇත්තේ අනාගතයේ උතුරැ නැගෙනහිර සිදුවන වෙනම රටක් සදහා වන අරගයකදී ජාත්‍යන්තර මැදිහත් වීමකට අවශ්‍ය වන නීතිමය ආරක්ෂාව සහ වගවීම තහවුරැ කර ගැනීමට ය.

එනම් ඉදිරියේදී උතුරේ මතුවන වෙනම රටක් සදහා වන අරගලයක් 2009 දී පාලනය කළ අකාරයට පාලනය කිරීමට ආණ්ඩුවට/රජයට නො හැකි වන අතර විදේශීය හමුදා මැදිහත්වන සංකීර්ණ සමාජමය, ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් මතුවන දිගු කාලීන සිවිල් අරගලයක් දක්වා දිව යන තත්ත්වයක් කරා වර්ධනය වෙයි.

“ජාත්‍යන්තර සම්මුතිය” මගින් 2009 මැයි මස යුධ ගැටුම් සෙවිය හැකිද?

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන සම්බන්ධව පනතේ දක්නට නොමැති වීම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2016.08.23 දිනැතිව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්. ඒ. ජයවික්‍රම මහතා වෙත යොමු කළ ලිපිය අනුවද ගරැ ජනාධිපතිතුමා වෙත ද එකී සම්මුතියේ රාජ්‍ය භාෂාවෙන් වන පිටපතක් නොමැති බව තහවුරැ වන හෙයින් සහ එකී සම්මුතියේ රාජ්‍ය භාෂාවෙන් වන පිටපතක් මේ වන තෙක් ලැබී නැති හෙයින් එකී ජාත්‍යන්තර සම්මුතිය ඇති කරැණු සාක්ෂි කර නොගනිමින් වෙනත් නීති මූලාශ්‍ර යොදා ගනිමින් මේ බව තහවුරැ කිරීමට අදහස් කරමි.
එකී ජාත්‍යන්තර සම්මුතිය පිළිබද අධ්‍යයනය කිරීමෙන් තොරව වුවද “ජාත්‍යන්තර සම්මුතිය” මගින් 2009 මැයි මස සිදුවීම් සෙවිය හැකිද? යන පැනය සදහා විසදුම් සෙවිය හැකිය. එනම් මෙකී “ජාත්‍යන්තර සම්මුතිය” සදහා ලංකාව අත්සන් තබා ඇත්තේ 2015.12.10 දිනය. මෙකී “ජාත්‍යන්තර සම්මුතිය” සදහා අපරානුමැතිය / Ratification කර ඇත්තේ 2016.05.25 වැනි දින දී ය.

1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත විමසීමේදී එය අදාල කර ඇත්තේ, 1963 සැප්තැම්බර් මස 14 දින ටෝකියෝ හි දී අත්සන් කරන ලද ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතියටය. ඒ අනුව එකී පනත් 1963 සැප්තැම්බර් මස 14 දක්වා පසුපසට ක්‍රියාත්මක කිරීමට තරම් බලයක් තිබුණද 1963 සැප්තැම්පර් 13 දින දක්වා තවත් දිනයක් පසුපසට යාමට තරම් බලයක් නැත.

එකී නීතිමය සිද්ධාන්තය අනුව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන කෙසේ දක්වා තිබුණද එහි ව්‍යවස්ථා මගින් ජාත්‍යන්තර යුක්ති අධිකරණය පිළිගෙන තිබුණේ වුවද (සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් අධ්‍යයනය නොකර ජාත්‍යන්තර යුක්ති අධිකරණය එහි අන්තර්ගතද යන්න කිව නො හැකිය) 2015.12.10 දිනට පෙර සිදු වූ සිදුවීම් සම්බන්ධව විදේශීය අධිකරණ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමය නෛතික අයිතියක් නැත.

එනම් කිසිම විදේශීය රටකට, සංවිධානයකට හෝ පුද්ගලයකුට මෙම ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන අනුව 2015.12.10 දිනට පෙර වූ සිදුවීමකට කිසිම ලාංකිකයකු ජාත්‍යන්තර යුධ අධිකරණයකට හෝ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාදාමකය ගෙන යා නො හැකිය. ඒ අනුව “ජාත්‍යන්තර සම්මුතිය” මගින් 2009 මැයි මස සිදුවීම් සෙවිය නොහැකි බව පැහැදිලිය.

සම්පුර්ණ වාර්තාව කියවන්න 

http://www.lankanewsweb.today/archives/12998

Copyright © 2017 LNW TODAYThemetf

To Top