Featured

ඇඟට නොදැනී දිග ඇරෙන ඉන්දියාවේ 30 වන ප්‍රාන්තය

එය නම් හද කම්පා කරවන පුවතකි. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ, කලාහන්දි දිස්ත්‍රික්කයේ ඇති රජයේ රෝහලට ඇතුලත් වූ ක්ෂය රෝගයෙන් පෙලෙන කාන්තාවකි. ඈ අමාන්ය. ඇගේ සැමියා දනා මාජි ය. ඔවුන්ට 12  හැවිරිිදි දිියණියකද සිටී. රෝගය අසාධ්‍ය  වූ අමාන් මිය ගියාය. ඔවුන් ජීවත් වූ නිවස තිිබෙන්නේ රෝහලේ සිට  කිලෝ මීටර් 60 ක් පමන ඈතිනි. තම බිරිඳගේ මෘත දේහය නිවසට ගෙන යාම සඳහා ගිලන් රථයක් ලබා දෙන්නැයි දනා මාජි බලධාරීන්ගෙන්  අයැද සිටියද පලක් වූයේ නැත. බස් රියක මල සිරුරක් ගෙන යාම කල නොහැකි දෙයකි. කුලීී රථයක් සඳහා ගෙවීමට ඉතාම දිළින්දෙකු වූ ඔහුට මුදල් නොමැත. අවසන රෙදි වලිින් වෙලූූ තම බිරිඳගේ මල සිරුර කර තබාගත් දනා මාජි තම දිියණියද කැටිව  ගමට යාමට පිටත් විය. මෙසේ අසීරුවෙන් කිලෝ මීටර 12 ක් ඇවිද ආ  පසුව මේ පුවත අැසූ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන් විසින් ඔහුට මල සිරුර  ප්‍ර්‍රවාහනය කිරීමට ගිලන්  රථයක් සැපයීමට කටයුතු කරන ලදී. මේ සිද්ධිය තුලින් ඉන්දියාවේ සෞඛ්‍ය සේවය තුල වූ දහසකුත් එකක් අඩුපාඩුකම්වල තවත් පැත්තක් හෙලිදරව් විය._90915342_mancarriesbodyofhiswife-3

මේ ප්‍රවෘත්තිය දුටු විට මගේ සිහියට නැගුනේ මෑතකදී  ඉන්දියාවෙන් අප රටට ලබා දුන් ගිලන් රථ පිලිබඳවය. යතාර්ථවාදීව සිතුවහොත්, සපුරා ලන්නට අවශ්‍යතා තමන්ගේ රටේ මෙතරම් තිබියදී ඔවුන්ට ශ්‍රී ලංකාවට උදව් කරන්නට මෙපමන ඇති කැක්කුම කුමක්ද යන ප්‍රශ්ණය මතුවේ. ඉන්දියාවේ සනීපාරක්ෂක පහසුකම් හරිහැටි නොමැති ජනතාව 60% ක් වෙතැයි ගණන් බලා ඇත. වැසිකිලි හා කැලි කසල පවිත්‍ර කිිරීමට යොදවා අැති කුලහීන කාන්තාවන්ට අත් වැසුම් ලබා දීමටවත් රජයේ උනන්දුවක් නැත.

ඉන්දියාව විශාල රටක් නිසාම එය ප්‍රාන්ත 29 ක ට බෙදා පාලනය කරයි. නමුත් මේ බලතල බෙදීම ඔස්සේ මිනිසුන් ප්‍රතිලාභ ලබන අයුරු ඉහත සිද්ධියෙන් අපූරුවට පිලිබිඹු වෙයි. මේ තුල ගම්‍ය වන්නේ මෙවන් බලතල බෙදීමක්, දූෂිත දේශපාලන සංස්කෘතියක් ඇති රටකට කොහෙත්ම හරි යන්නේ නැති බවය. තමන්ගේ ප්‍රාන්ත පාලන තන්ත්‍රයේ දහසකුත් එකක් අඩුපාඩු තිබියදී ඔවුන් ෆෙඩරල් ක්‍රමයක් අරඹන  ලෙසට ශ්‍රී ලංකාවට බලපෑම් කරති. ගිවිසුම් බලෙන් පටවති. බලෙන්ම ගිලන් රථ තෑගි දෙති. රටවල් දෙක යා කර පාලම් සාදන්නේ නැති බවට අපේ පාලකයන් දස අතේ දිවුරත්දී, තමන් හනුමාන් පාලමක් සාදන බවට ලෝක් සභාවේදී කියවේ. තම ප්‍රාන්තය තුල විසඳන්නට අනන්තවත් ප්‍රශ්ණ තිබියදී ජයලලිතාගේ ඡන්ද පොරොන්දුව ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් ලබා දීම කෙරෙහි තමන් කැප වන බවය.

කවුරු කෙසේ උඩ පැන්නත් තම රජය එක්ටා ගිවිසුම අත්සන් කරන බවට අගමැතිවරයා පුරාජේරු පවසන්නේය. මීට එල්ල වන විරෝධතා හමුවේ මෑතකදී ඔහුට කදිම උදාහරණ කිහිපයක් මතක් වී ඇත.  වසර 2500 ක ට පෙර මේ ඒකාබද්ධ විපක්ෂයත්,ඔවුන්ට සහයෝගය දක්වන අයත් සිටියා නම් තපස්සු භල්ලුකට වෙළඳාම් කරන්නට ශ්‍රී ලංකාවට එන්නට නොහැකි වනු ඇති බවත්, ‘සිද්ධාර්ථ ගෞතම’ ගේ ‘කේෂ’ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට එරෙහිව කෑ ගසනු ඇති බවත් ඔහු පැවසීය. එමෙන්ම සිද්ධාර්ථ ගෞතමට ලංකාවට එන්නට ඉඩ නොදෙනු ඇති බවටත් එසේ වී නම් අපට අදත් ගස් ගල් වඳිමින් ඉන්නට තිබුන බවත් මේ කතාවේ වැඩි දුරටත් කියැවිනි.

පලමුවෙන්ම අප රටේ දෙවන පුරවැසියාට රටේ ඉතිහාසයත්, බෞද්ධාගමේ ඉතිහාසයත් ගැන ඇති දැනීම ඉතාම කණගාටුදායකය. ශ්‍රී ලංකාවට වැඩම කලේ බුදුන් වහන්සේ මිස ‘සිද්ධාර්ථ ගෞතම’ නොවන බවත් සිද්ධාර්ථ ගෞතම යනු බුදුන් වහන්සේගේ ගිහි කල නම බවත් මේ මිනිසා නොදනී. එමෙන්ම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කලේ බුද්ධාගම හඳුන්වා දීමට නොවන බවත් ඔහුට දැනීමක් නැත. නමුත් ඔහු බුදුන් පා පහස ලැබූ කැළණි විහාරයේ මහා දායකයාය. ඔහු කැළණි විහාරයේ ධාතු කරඬුව හිස තබාගෙන යන්නේ එහි ඉතිහාසය ගැන මොනවා දැනගෙනද? එමෙන්ම තපස්සු භල්ලුකට කේෂ ධාතු ලබා දුන්නේ බුදුන් වහන්සේය. නැතිව සිදුහත් කුමරු නොවේ. අගමැතිවරයාට අනුව අපට ඉන්දියාවෙන් බුදු දහම නොලැබුනා නම් අප අදත් ගස් ගල් වඳිමින් සිටින නොදියුණු ජන කොටසකි. නමුත් මේ වෙළඳ දෙබෑයන් ලංකාවට ආවේ එකල මෙහි දියුණු වෙළඳ සංස්කෘතියක් තිබූ නිසා වනැයි මොහුට වැටහීමක් නොමැත. එදා මිහිඳු මහ රහතන් වහන්සේ අප රටට බුදු දහම රැගෙන ආවේ නොදියුණු ජන කොට්ඨාශයක් වෙත නොවේ. ඒ යුගයේද සිරිලක රාජාණ්ඩුවක් පැවති අතර එකල ඉන්දියාවේ අධිරාජයා වූ ධර්මාශෝක රජු සමග පැවති සබඳතාව ඒ යුගයේ පැවති ජාත්‍යන්තර සබඳතා ගැන ඉඟියක් දෙයි. ඉන්දියාවේ සිට පර්සියාව දක්වා ආක්‍රමණය කරමින්, තම අණසක පතුරුවා ලූ අශෝක අධිරාජයා ශ්‍රී ලංකාව ආක්‍රමණය නොකලේය. ලංකාව පුංචි වැඩි නිසා අතහැර දැම්මා වන්නට බැරිය. මන්ද ලංකාව එවන් නොසැලකිය යුතු මට්ටමක තිබිනි නම් ලංකාවේ රජ කල දේවානම් පියතිස්ස රජු හා ධර්මාශෝක රජු අතර එවන් මිත්‍ර සම්බන්ධතාවක් ගොඩ නැගෙනු නැත. අශෝක රජු තම පැවිදි වූ පුතාත් දියණියත් ලංකාවට එව්වේ තම ජීවිතයේ තමා ලද ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය වූ බුදු දහම තම හිත මිතුරා සමග බෙදා හදා ගැනීමටය. තමාට එවිය හැකි වූ වටිනාම ත්‍යාගය ලෙස ඔහු තම දියණිය වූ සංඝමිත්තා තෙරණිය අත, තමන් බුද්ධත්වයට පත්වීමේදී සෙවන දුන් හේතුව නිසාම බුදුන් වහන්සේගේ අනිමිසලෝචනයෙන් පිදුම් ලත් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට එවීය. එවන් උතුම් වූ වෘක්ෂයක සෙවනේ මිනී මැරූ ත්‍රස්තවාදීන් සමග මිත්‍ර සමාගම් පවත්වන්නට කටයුතු කල රනිල්ට මේවා නිකම්ම තමන්ට වාසියට, අවශ්‍ය පරිදි හැරවිය හැකි කතන්දර සේ පෙනීම පුදුමයක් නොවේ. මේ ආකාරයට, අදත් බෞද්ධ ජනයා බෝධිය වඳින විට හෝ සමාධි පිළිමයට වඳින විට එයද ගස් ගල් වඳින බවට තර්ක කිරීමට ද ඔහු පසුබට නොවනු ඇත.

කෙසේ වුවද 1987 ජුලි මස 29 වනදා ඉන්දියාව ශ්‍රී ලංකාව මත බලෙන් පැටවූ සාම ගිවිසුම හෝ දැන් ගෙනෙන්නට සැරසෙන එක්ටා ගිවිසුම බුදු දහමට සම කල හැකිද? අනික තපස්සු භල්ලුකලා මෙරටට පැමිනියේ වෙළඳ භාණ්ඩ හුවමාරු කර ගැන්මට මිස රටේ සම්පත් සූරා කමින් ආක්‍රමණයකට මුල පිරීමකට නොවන බව ඉතිහාස කතා ඔස්සේ පැහැදිලි වේ. මේ ඊනියා සංවර්ධිත ලෝකයේ සම්බන්ධතාවන්හි ස්වභාවය වෙනස් වී අැත. එදා මුහුණට මුහුණ ලා සටන් කරමින් සිදුකල ආක්‍රමණයන් අද කෙරෙන්නේ සූක්ෂම අයුරිනි.

එක අතකට පෘතුගීසීන් ශ්‍රී ලංකාව ආක්‍රමණයකොට වසර 500 ක් සපිරුණු 2005 දී කේක් කපා ඒ සිදුවීම සැමරූ රනිල්ට විදේශිකයින් ගේ මෙවන් යාම් ඊම් පිලිබඳව පැටලිලි ගතියක් ඇති වීමත් පුදුමයට කරුණක් නොවේ.

70 දශකය අග භාගයේ එල්ටීටීඊ සංවිධානය දලුලන අවධියේ ඔවුන්ට රැකවරණ සැලසුනේ ඉන්දියාවෙනි. 1981 මැයි 19 වන දින මදුරාසියේ සිනමා හලක් අසල ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී, ප්‍රභාකරන් හා ඔහුගේ අනුගාමිකයෙකු වූ රාඝවන් පොලිස් අත්අඩංගුවට පත් වූහ. මේ සිටින්නේ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වන පුද්ගලයන් බව පොලිසියට තහවුරු වූ කල්හි ඔවුන්ව ශ්‍රී ලංකාවට භාර දීමට කටයුතු පිලියෙල කරන ලදී. ප්‍රභාකරන්ට අනුග්‍රාහකත්වය සැපයූවකු වන, එවකට තමිල්නාඩුවේ කොංග්‍රස් පක්ෂ නායක නෙදුමාරන් ඇතුලු අනිකුත් පක්ෂ නායකයින් එක්ව ඉන්දිරා ගාන්ධි රජයට කරන ලද බලපෑම් නිසා ප්‍රභාකරන්ව ලංකාවට භාර නොදී මුදා හැරීමට ඉන්දීය අධිකරණය පියවර ගත්තේය. මේ ක්‍රියාවලියේදී ප්‍රභාකරන් හමු වීමට සිර මැදිරියට පැමිනි රෝ ඔත්තු සේවයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්ණවලටත් වඩා ත්‍රිකුණාමල වරාය පිලිබඳව තොරතුරු දැන ගැනීමට දැක් වූ උනන්දුව ප්‍රභාකරන්ටද එදා වටහාගත නොහැකි විනැයි තම ජීවිත කතාවේදී ඔහු සඳහන් කරයි. එදා ඒ ඔස්සේ ප්‍රභාකරන් යලි උතුරට පලාගිය නිසා ශ්‍රී ලාංකික ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් විය. 1983 න් පසු ඉන්දිරා ගාන්ධිගේ තීරණය අනුව දෙමළ සටන්කාමීන්ට, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් වල පිහිටි පුහුණු කඳවුරකදී ඉන්දීය හමුදා වෙතින් අංග සම්පූර්ණ යුද පුහුණුවක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවිය.මෙසේ පුහුණු වූවන් හරහා, තමිල්නාඩුවේ පුහුණු කඳවුරුවලදී තවත් පිරිස් පුහුණු කරන ලදී. එල්ටීටීඊ ය වර්ධනය වූයේ මේ අයුරිනි. මේ ගණුදෙනු සම්බන්ධව රනිල්ගේ මතය කුමක් වනු ඇත්ද?

මේ එලිපිටම සිදුකල පුහුණු කිරීම්වලට හේතු වූයේ එදා 1983 ජුලි මසදී සිදු වූ වර්ගවාදී තිරශ්චීන ඝාතනයන්ය. එදා අනාථ වූ දෙමළ ජාතිකයන් දහස් ගණනක් දකුණු ඉන්දියාවට පලා ගියහ. ඉන්පසු විවිධ යුරෝපා රටවලට හා කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවලට සංක්‍රමණය වීමට ඔවුන්ට මග පෑදුන අතර එවන් රටවල සිට ඔවුන් ගෙන ගිය ප්‍රචාරක යාන්ත්‍රණය ඔස්සේ ජාත්‍යන්තරය තුල ශ්‍රී ලාංකික සිංහල ජනයාගේ ම්ලේච්ඡත්වය පිලිබඳ අඳුරු චිත්‍රයක් නිර්මාණය වීමට හේතු විය. අද රනිල් හා සජිත් ඇතුලු මැති ඇමතිලාට අමතක වූ දේ මෙයයි. ඔවුන් පවසන ආකාරයට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුල හුදෙකලා වී ඇත්තේ මහින්ද රාජපක්ෂ නිසාය. ඔවුන්ට නොපෙනෙන්නේ මහින්ද අවසන් කලේ ඔවුන් ඇරඹූ අවුල බවයි.

එදා ඉන්දියාව කලේ තම ආක්‍රමණශීලී අරමුණු ඉටු කරගනු වස් එල්ටීටීඊ ය භාවිතා කිරීමය. ඔවුන් එල්ටීටීඊ ය ට තම ප්‍රබල හමුදාව ලවා පුහුණුව ලබා දුන්නේ, අවි ආයුධ ලබා දුන්නේ, තම භූමිය පුහුණු කටයුතුවලට යොදා ගැන්මට ඉඩ දුන්නේ ශ්‍රී ලාංකික රජය අස්ථාවර කිරීමටය. ඊලඟට ව්‍යාජ සාමයක හස්තය දිගු කරගෙන පැමින ශ්‍රී ලංකා රජය හා එල්ටීටීඊ යන දෙකොටසම පාලනය කිරීමට ඔවුහු සැලසුම් කලහ. ත්‍රිකුණාමල වරාය ප්‍රධානව ඒ ප්‍රදේශවල සම්පත් භුක්ති විඳීම ඔවුන්ගේ අරමුණ විය. එදා ඔවුන් එල්ටීටීඊ ය තබාගෙන සිටියේ ශ්‍රී ලංකා රජය බිය ගැන්වීමට මෙවලමක් වශයෙනි. ප්‍රභාකරන් මේ පහත් ක්‍රීඩාව අවබෝධ කර ගත් කල්හි එහි විපාකය 1991 මැයි මස 21 වන දා දකුණු ඉන්දියාවේ පෙරුම්බුදුර්හි දී, රජීව් ගාන්ධිගේ හිස කීතු කරමින් දෙපා මුල පිපිරී ගියේය. මෙය පැහැදිලිව දැකිය හැක්කේ වඩමරච්චි සටනේදීය. තමන්ට අල්ලා ගෙන සිටිය හැක්කේ තවත් දින 10 ක් පමනක් බව එල්ටීටීඊ ය තමන් ඉදිරියේ පිලි ගන්නා තුරු ඉන්දියාව ඒ මොහොතේ නිහඬව සිටියේ ඔවුන් ඉල්ලූ යුද ආධාර නොදෙමිනි. එල්ටීටීඊ ය තම ඇද වැටීම පිලි ගත් පසු ඔවුන්ව එම ඊනියා සාම ගිවිසුමට එකඟ කරගෙන, ශ්‍රී ලංකා රජයත් බිය ගන්වාගෙන, තම බල පුලුවන්කාරකම යොදා ගනිමින් ඉන්දියාව තම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනාවේය.

ඉන්දියාවේ මිතුරුකම් පිලිබඳ ප්‍රවේසම්කාරී වීමට මේ සිද්ධි දාමය හොඳ උදාහරණයකි. අඩු තරමින් ඔවුන් එල්ටීටීය සම්බන්ධයෙන්වත් අවංක ප්‍රතිපත්තියක් අනුගමනය කලා නම් ඔවුන්ව යම් පමනකට විශ්වාසයට ගන්නට ඉඩ තිබිනි. ඉන් පසු ද ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමකදී වුව ඔවුන් කිසිදා ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කලේ නැත. වර්තමානයේ ඔවුන් තම මැදිහත් වීම සඳහා යොදා ගන්නා මෙවලම මානව හිමිකම් කඩවීම්ය.

මේ වන විට වත්මන් රජය ගෙනයන නිවට නියාලු විදේශ ප්‍රතිපත්තීන් හමුවේ අද ඉන්දියාව නටන්නට සූදානම් වනුයේ තම පැරණි නාඩගමම ය. එදා තම ජේ ආර් මාමා ගිය මගම යමින් අද රනිල් බෑණා ද එකම න්‍යාය පත්‍රය ඔස්සේ කටයුතු කරයි. මේ සියල්ල තුල මෙෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවලංගු කාසියකි. සමහර විට එදා ඉන්දීය ජාතික කොංග්‍රසයෙන් පත්ව සිටි රජීව් ගාන්ධි මෙන් නොව භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ප්‍රතිපත්තිවල වෙනස්කම් තිබීමේ ඉඩකඩක් ද ඇත. නමුත් ඒවා හොඳ අත අතටද නරක අතටද කියා අනාවැකි කිව නොහැක.

ඒ මොනවා වුනත් තමන්ගේ රට තුල වෙසෙන බිලියන 1.22 ක් වූ ජනගහනයෙන් බහුතරයකට මේ තරම් අඩුපාඩු තිබියදී ශ්‍රී ලංකාවේ ජනතාව නගා සිටුවන්නට මේ තරම් උනන්දුවක් ඇයි ද යන සැකය ජනතාව තුල පහල වීම පුදුමයක් නොවේ. ලොව ඉහලම බිළිඳු මරණ ප්‍රතිශතයක්, ළමා මරණ ප්‍රතිශතයක් සහ මන්ද පෝෂණ ප්‍රතිශතයක් වාර්තා වන ඉන්දියාවේ සෞඛ්‍ය සේවාවන්හි ඇති දැවැන්ත අඩු ලුහුඬුකම් කැපී පෙනේ. එසේ තිබියදීත් ශ්‍රී ලංකාවට ආධාර පිනිස ගිලන් රථ සැපයීම තරම් හාස්‍යජනක දෙයක් තවත් ඇත්ද? වරක් තම ජංගම දුරකථනයේ පටිගතකල මාර්ග අනනතුරක වීඩියෝවක් පෙන්වමින් විදේශ කටයුතු පිලිබඳ නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා, අප රටට ගිලන් රථවල ඇති අවශ්‍යතාවය පෙන්වා දුන්නේමේ ප්‍රදානය සාධාරණීකරනය කරමිනි. එදා කියූ ලෙස ඔහු මේ ගිලන් රථ ඉල්ලුවේ ඉන්දියාවෙන් නම් එය ලැජ්ජාවට කරුණකි. ඒ රටේ දිළිඳු මිනිසුන් මලමිනී කර තබාගෙන පා පමනින් යද්දී අප රටට ගිලන් රථ ඉන්දියාවෙන් ඉල්ලා ගන්නට මේ රජය කටයුතු කර තිබේ. වඩාත් ලැජ්ජා සහගත කරුණ වන්නේ විධිමත් සෞඛ්‍ය සේවාවකට අත්‍යවශ්‍ය වන ගිලන් රථ, ඒ පිලිබඳ අඩුපාඩුවලින් පෙලෙන අසල්වැසියාගන් ඉල්ලන අතර වාරයේම මැති ඇමතිලාගේ පාවිච්චිය සඳහා ලක්ෂ 300,400 සුඛෝපභෝගී වාහන කිසිදු පැකිලීමකින් තොරව මිලදී ගැනීමයි.

මේ දිනවල නිවාස ඇමති සජිත් ප්‍රේමදාසටද විශේෂ භූමිකාවක් පැවරී තිබේ. ඒ එක්ටා ගිවිසුමේ ලාභ ප්‍රයෝජන ගැන ජනතාව දැනුවත් කිරීමටයි. මේ කතා තුලදී ඔහු පසුගිය රජය සහ ඒකාබද්ධ විපක්ෂය පතුරු ගසන්නටද අමතක නොකරන්නේය. නමුත් මේ කතා අසා සිටින විට සැක සිතෙන්නේ ඔහු කතා කරන්නේ තමන් ගැනමද කියාය. තම පියා මිය යන විට ඔහු පසුවුනේ 25 වන වියේය. නමුත් අවාසනාවට තම පියා රජකල සමයේ ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුල කොන්වී සිටි අයුරු ඔහුට අමතකය. ඔවුන් ද අවභාවිතා කල නුවරඑළියේ 99 අවුරුදු බදු ඉඩම්, මස්සිනාගේ උඩවැඩියා යවන්නට එයා ලංකා යානාවන් ප්‍රමාද කල හැටි, අරලියගහ මන්දිරයේ තිබී නැති වූ වටිනා චිත්‍ර සහ තවත් බොහෝ දේ ද, තම පියා ඉන්දියාව සම්බන්ධව අනුගමනය කල විදේශ ප්‍රතිපත්තිය පවා ඔහුට අමතකය.

මේ සියලු දේ සාධාරණීකරනය කරනු වස් විවිධ දේ පවසන මැති ඇමතිලාගේ කතා අසා සිටින විට සිහියට නැගෙන්නේ දීකිරි වෙලෙන්දියගේ කතා පුවතය.

මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි !

තේජා ගොඩකන්දෙආරච්චි

Copyright © 2017 LNW TODAYThemetf

To Top