Conspiracy

බැදුම්කර හොරා පන්නලා සැනසෙන්න හදන අවජාතක පාලනය 18 මාසයක් ඇතුලත ඩොලර් බිලියන 7.7 ක් ගිල්ල හැටි, මහින්දගෙන් අනාවරණයක්

අතිපූජනීය සංඝරත්නයෙන් අවසරයි, අන්‍ය ආගමික පූජකතුමනි, මන්ත‍්‍රීවරුනි, මිත‍්‍රවරුනි.

අපිට අද පේනවා වැට් බද්දට රට පුරාම විශාල විරෝධයක් ඇතිවෙලා තියෙනවා කියන කාරණය. විශේෂයෙන්ම නගර ආශ‍්‍රිත වෙළඳ ප‍්‍රජාව අද ජනතා සහයෝගයත් ඇතිව මේ බද්දට විරුද්ධව පාරට බැහැල තියෙනවා. ආණ්ඩුව මේ බද්ද සාධාරණීකරනය කරන්න පහුගිය කාලේ විශාල මුදලක් වියදම් කරලා හැම ජනමාධ්‍යකම දැන්වීම් දාල කිවුවේ මගේ පාලන සමය තුළ ගත්ත ණය ගෙවන්න බදු අයකරන්න වෙලා තියෙනවා කියලා. මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ මොකක්ද කියලා ජනතාවට කියන්න  ඕන කියලා මම හිතුවා. මම ඉස්සෙල්ලා ණය ගැනීම කියන කාරණයෙන් පටන්ගන්නම්.

රටකට ගන්න පුලූවන් ණය ප‍්‍රමාණය තීරණය වෙන්නෙ ඒ ණය ආපහු ගෙවන්න තියෙන හැකියාව උඩයි. මගේ ආණ්ඩුව හැම විටම ණය ගත්තෙ ඒ කාරණය හොඳින් මතක තබාගෙන. මහා භාණ්ඩාගාරයේ වාර්තා වලට අනුව මගේ  පාලන සමයේ අවසන් අවුරුදු 7 දී හැම අවුරුද්දකම විදෙස් ණය වාරික හා පොලිය වශයෙන් ගෙවන්න වුණේ මෙන්න මේ වගේ ගණන්.

2008   – ඇමරිකානු ඩොලර් බිලියන 1.4

2009   – ඩොලර් බිලියන 1.3

2010   – ඩොලර් බිලියන 1.2

2011   – ඩොලර් බිලියන 1.5

2012   – ඩොලර් බිලියන 2.2

2013   – ඩොලර් බිලියන 2.4

2014   – ඩොලර් බිලියන 2.2

මේවා ගෙවා ගන්න බැරි තරම් ලොකු ගණන් නොවෙයි. ඒ වගේම අපි මතක තබාගන්න  ඕන මම ණය ගත්තෙ කන්න බොන්න නෙවෙයි මම ණය ගත්තෙ  යුද්ධය දිනන්න සහ රටේ එතෙක් නොකෙරුණු වැදගත් ව්‍යාපාති ගොඩනගන්න. මගේ ආණ්ඩුව ගොඩනගපු දේවල් මුලූ රට පුරාම පේන්න තියෙනවා. මේ ආණ්ඩුවේ ලොක්කො තාමත් විවෘත කරන්නෙ මම පටන්ගත්ත ව්‍යාපෘති විතරයි. මම මොන දේට ණය ගත්තත් බොහොම පරිස්සමෙන් සැලසුම් කරලා තමයි ගත්තෙ. ඒකයි ගෙවන්න බැරි ණය වාරික අපේ ආණ්ඩුවට තිබුණෙ නැත්තෙ.

නමුත් පසුගිය අවුරුද්දෙ ජනවාරියෙ ඉඳල යහපාලන ආණ්ඩුව ඉවක් බවක් නැතුව ණය ගත්ත. ඒ අය 2015 ඉඳලා ඉන්දියාවෙන් අවස්ථා තුනකදී මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් ගත්ත. ඊට පස්සෙ 2015 මැයි සහ ඔක්තෝබර් වල ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම් දෙකකින් ඩොලර් බිලියන 2.15 ක් ගත්ත. ඒ වගේම 2015 මාර්තු ඉඳල 2016 ජුනි දක්වා අවස්ථා 13 කදී ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරල තව ඇමාරිකානු ඩොලර් බිලියන 3.1 ක් ලබා ගත්තා. එතකොට මේ පසුගිය මාස 18 ඇතුලත යහපාලන ආණ්ඩුවෙන් විතරක් ඩොලර් බිලියන 7.7 ක් ණයට අරගෙන තියෙනව. ඒකෙන්  ඩොලර් බිලියන 3.3 ක්ම මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ගෙවන්න  ඕන.

මේ ණය වලින් සමහර ඒව ගෙවල ඉවරයි. උදාහරණයක් වශයෙන් මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ මේ අය ඉන්දියාවෙන් මාස 6 කට ලබාගත් ඩොලර් බිලියන 1.1 ගෙවල ඉවරයි. ඒ වගේම සමහරක් කෙටිකාලීන ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර කල් පිරුණාම ගෙවල ඉවරයි. නමුත් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තවත් ණය කන්දරාවක් තියෙනව ගෙවන්න. යහපාලන ආණ්ඩුවෙන් ගත්ත මේ අතිවිශාල ණය ප‍්‍රමාණය ගෙවන්න සිදු වෙන්නෙ කළින් ආණ්ඩු ගත්ත ණය ගෙවන අතරතුරමයි. ඉතින් මේ හින්දා ලංකාවට විශාල ණය බරක් ඇවිත් තියෙනව. කලින් ආණ්ඩු ගත්ත ණය කියන්නෙ මගේ ආණ්ඩුවෙන් ගත්ත ණය විතරක් නෙවෙයි. මේකෙ තියෙනව ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ කාලෙ ඉඳන් ගත්ත දිගු කාලීන ණය. සෑම ආණ්ඩුවක්ම කලින් තිබුණ ආණ්ඩුවල ණයත් ගෙවනව. මමත් 2005 දී බලයට පත් වුණාට පස්සෙ කලින් ආණ්ඩු වල ණය ගෙව්ව.

මේ ආණ්ඩුව බලයට ආවට පස්සෙ ඉවක් බවක් නැතුව ණය ගත්ත නිසා මේ අවුරුද්දේ ලෝකයේ ප‍්‍රධානම ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ඒ කියන්නෙ මුඞීස්,  ෆිච් හා ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර් යන ආයතන තුනම අපේ රටට දීල තියෙන්නෙ ඍණාත්මක පුරෝකතන. ඒ කියන්නෙ  “නෙගටිව් අවුට්ලූක්” කියන එක. ඒකට හේතුව වශයෙන් මේ හැම ආයතනයක්ම දක්වපු ප‍්‍රධානම කාරණය තමයි මේ අවුරුද්ද ඉවර වෙන්න කළින් ගෙවන්න තියෙන මහා ණය කන්දරාව. ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර් ආයතනය අපිට ඍණාත්මක පුරෝකතනයක් දුන්න විතරක් නෙවෙයි, ලංකාවට පාලනය කර ගත නොහැකිව ඉදිරි වසර 3 ඇතුළත තවත් ණය බර වැඩිවෙන්න ඉඩ තියෙන බව කිවුව. ලංකාවේ මූල්‍ය තත්වයේ පැහැදිලි වෙනසක් නොපෙනුනොත් ශ්‍රේණිගත කිරීම තවත් පල්ලෙහාට දාන්න සිද්ධ වෙන බවටත් ඒගොල්ලො අනතුරු අඟවලයි තියෙන්නෙ.

තත්වය ඔහොම තියෙන කොට යහපාලන ආණ්ඩුව අඬල දොඩල ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5ක ණයක් ගත්ත. ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සහනදායි පොළියකට ණය දෙනකොට ඒ දීපු ණය ආපසු ලබා ගන්න පුලූවන් වෙන ආකාරයට අදාල රටේ මූල්‍ය තත්වය වර්ධනය වෙන බවටත් වගබලාගෙන තමයි දෙන්නෙ. ඉතින් ඒ වගේ කොන්දේසී තියෙන හින්ද සාමාන්‍යයෙන් ජාත්‍යන්තර අරමුදල සමඟ යම්කිසි රටක් ණය ගණුදෙනුවකට එළඹුනාම ජාත්‍යන්තර පුද්ගලික ණය වෙලඳපලටත් ඒ රටේ මූල්‍ය ස්ථාවරභාවය ගැන යම් විශ්වාසයක් ඇති වෙනව.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණයක් දෙන්න සූදානම් කිවුවට පස්සෙත් ෆිච් සහ මූඞීස් කියන ණය ශ්‍රේණිගත කිරීම් ආයතන දෙකම මාධ්‍ය නිවේදන නිකුත්කරල කිවුවෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දීල තියෙන ඉලක්ක සපුරා ගන්න එක ගැන ඒ අයට කිසිම විශ්වාසයක් නැති බවයි. මූල්‍ය අරමුදලෙ ණයෙන් ලංකාව ගොඩ ගන්න බැරි බවත් ලංකාවෙ ණය බර මේ අවරුද්දෙත් ඊළග අවුරුද්දෙත් තවත් වැඩිවෙනව කියල මූඩිස් ආයතනය කිවුව. ජුනි මාසෙ මුලදී ජාත්‍යන්තර අරමුදල ලංකාවට දෙන ණය සම්මත කරල ඩොලර් මිලියන 168 ක පළමු කොටසත් දුන්න. ඒ මුදල් ආවටත් පස්සෙ තමයි මුඩිස් ආයතනය ලංකාවට ඍණාත්මක පුරෝකතනයක් දුන්නෙ. ඉතින් හිතල බලන්න ලංකාවට දැන් ලෝක ණය වෙලඳපොල තුළ තියෙන තත්වෙ මොකක්ද කියල. කිසියම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවලකට එළඹුනාට පස්සෙත් ඒ රටේ ණය ශ්‍රේණිගත කිරීම පහල වැටුණු මුල්ම අවස්ථාව මේක කියල තමයි ආර්ථික විශේෂඥයො කියන්නෙ. මූඩිස් ආයතනයත් අපිට ඍණාත්මක පුරෝකතනයක් දීල කිවුවෙ ඉදිරියේදී අපේ රට ශ්‍රේණිගත කිරීම් වලින් තවත් පහලට වැටෙන්න ඉඩ තියෙනව කියලයි.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වැඩ පිළිවෙලකට එළඹුනාම ජාත්‍යන්තර පෞද්ගලික ණය වෙළඳපල තුළ ඒ රටේ මූල්‍ය ස්ථාවරභාවය ගැන යම් විශ්වාසයක් පහල වෙනවයි කියල මම කලින් කිවුව. මේ ආණ්ඩුව හැදුවෙ මූල්‍ය අරමුදලත් එක්ක තියෙන ගිවිසුම පෙන්න පෙන්න වානිජ ණය වෙලඳපලේ දිගට හරහට ණය ගන්න. මෙන්න මේ පිස්සු ක‍්‍රියා කළාපයට බය වෙලා තමයි ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලංකාව ගැන මේ වගේ නිශේධනාත්මක අදහස් පලකරන්නෙ. ණය ශ්‍රේණිගත කිරීම් අයතන වල රස්සාව තමයි ණය ගන්න පිරිස් වල මූල්‍ය ස්ථාවරභාවය ගැන විස්තර ණය දෙන පාර්ශව වලට සපයන එක. ඒ අනුව ණය දෙන පාර්ශව වලට ඒ අය ගන්න අවදානම ගැන  යම්කිසි අදහසක් ඇති කර ගන්න පුලූවන් වෙනව.

මම මෙච්චර වෙලා කතා කලේ විදේශ ණය ගැන විතරයි. නමුත් යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ ඒ අය ලංකාව ඇතුලෙ රුපියල් වලිනුත් වියරුවෙන් වගේ ණය අරගෙන තියෙනව. මහ බැංකු වාර්තාවට අනුව 2015 එක අවුරුද්දක් ඇතුළත රුපියල් ණය 16% කින් වැඩිවෙලා තියෙනව. ඒ කියන්නෙ 2014 අන්තිමට තිබුණු රුපියල් බිලියන 4,278 ක් වුණ දේශීය ණය 2015 ඉවර වෙනකොට රුපියල්  බිලියන 4,959 දක්වා රුපියල් බිලියන 681 කින් වැඩිවෙලා තියෙනව. නිදහස ලැබූ දා ඉඳලම එක අවුරුද්දක් ඇතුළත රුපියල් ණය ඔය වගේ ගණනකින් වැඩිවෙලා නැහැ. 2015 අවුරුද්ද සඳහා පාර්ලිමේන්තුවෙන් නියම කරල තිබුණු ණය සීමාව දෙගුණයකට ආසන්න ප‍්‍රමාණයකින් ඉක්මවල තියෙනවා කියල විගනකාධිපතිවරයත් කියල තියෙනව.

වත්මන් ආණුඩව මේ විදියට ණය ගත්තට මොනම සංවර්ධයක්වත් වෙන්නෙ නැහැ. අපි දීල තිබුණු කොන්ත‍්‍රාත් ඉවරවෙනකොට ඒ අය යනව විවෘත කිරීමේ උත්සවයට. මේ අය සැලසුම් කරල පටන්ගත්ත එක ව්‍යාපෘතියක්වත් නැහැ. හැබැයි කිසිම ආණ්ඩුවක් නොගත්ත විදියට ණය ගන්නව. අපි යුද්ධ කාලෙවත් මෙහෙම ණය ගත්තෙ නැහැ. මේ අය ණය ගන්නෙ එදිනෙදා වියදම් පියවගන්න. 2015 ජනාධිපතිවරණය බොරු කියල දිනාගත්තා.2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයත් ඒ විදියටම දිනාගන්න බැරි නිසා වෙන විදියකට මිනිස්සු රවට්ටන්න  ආර්ථිකයට දරාගන්න බැරි වැටුප් වැඩිකිරීම්, බදු සහන වගේ දේවල් දුන්න. මේ සහන දෙන්න යන මුදල් ආපසු අයකරගන්න වෙන්නෙ මහජනතාවගෙන්ම කියන කාරණය ඒගොල්ලො කිවුවෙ නැහැ. ඒ ගොල්ලො පෙන්නන්න හැදුවෙ රාජපක්‍ෂලාට මේ සහන දෙන්න පුලුවන්කම තිබුනත් මිනිස්සුන්ට සහන දෙන්නෙ නැතුව පාලකයොන්ගෙ සුඛවිහරණයට වියදම් කලා කියලනේ. ඉතින් නාස්තිකාර රාජපක්‍ෂලා එලෙව්වට පස්සෙ  ඕනතරම් සහන දෙන්න පුලුවන් කියල මවාපෑමක් පෙන්නුව. ඒගොල්ලො දීපු වැටුප් වැඩිකිරීම් සහ වෙනත් සහන වලට යන වියදම් එකපාරටම බදු වලින් අයකරගන්න පටන්ගන්න බැරි නිසා ඒ සහන වලට මුදල් හොයාගන්න දිගට හරහට ණය ගන්න පටන්ගත්ත. මවාපෑම පාර්ලිමේන්තු ඡන්දය ඉවරවුන ගමන්ම නතරකරන්නත් බෑනේ.

මාස කීපයක් යනකන් පුලුවන් ණයවලින්ම රෝල ගහන්න. ඊට පස්සෙ එනව විදේශීය පුද්ගලික වෙලඳපල ණය දෙන්න බයවෙන තත්වයක්. ඔන්න එතකොට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙ. ඒ අය ගාවට ගියාම ඒ අය ණයත් එක්කම වැඩ පිළිවෙලකුත් දෙනවා. ඉස්සෙල්ලම කියන්නෙ දැන් මේ ගත්ත ණය ගෙවන්න සල්ලි හොයන්න කියල. කොන්දේසි ඉටුකරන විදියට තමයි ණය මුදල් ටික ටික දෙන්නෙ. ඔන්න ඉතින් ආණ්ඩුව ආදායම් වැඩිකරගන්න වැට් බද්ද වැඩිකරනව. ජාතිය ගොඩනැගීමේ බද්දත් පුළුල් කරනව. මේකෙන් ලංකවෙ අමුතුම තත්වයක් ඇතිවෙනව. මුලු ලෝකෙ පුරාම කිරිපිටි, තිරිඟු පිටි, සීනි, බොරතෙල්, වානේ, සිමෙන්ති වගේ අපි ආනයනය කරන දේවල් වල මිල පසුගිය මාස 18 ඇතුළත විශාල ගණන් වලින් අඩුවෙලා තියෙනව. නමුත් ලංකාවෙ විතරක් මේ යහපාලන බදු වැඩි කිරීම නිසා මිල අඩුවෙන්න  ඕන බඩුවල මිල වැඩිවෙලා තියෙනව. ඒ නිසා තමයි මම මේ පාර මැයි දිනේට කලින් කිවුවෙ මේ වැට් ඇතුලු බදු වැඩිකිරීම් වලට විරුද්ධව ලංකාවෙ මුලු ජනතාවම එකා වගේ නැගී ඉන්න  ඕන කියලා.

ඒ අස්සෙ ආණ්ඩුව තවත් බදු ගහන විදි කල්පනා කරනව. ඉදිරි සති ගණන ඇතුලත අලූතෙන්ම ප‍්‍රාග්ධන බද්දක් හඳුන්වල දෙනව කියල අගමැතිවරයත්, ඇමතිවරුත් කියනව. ඒ අය කියන්නෙ පහුගිය කාලෙ ගොඩක් මිනිස්සු සල්ලි හම්බකරගත්ත නිසා ඒ ධනයෙන් දැන් ප‍්‍රාග්ධන බද්දක් අයකරන්න  ඕන කියල. මම රට පාලනය කරපු අවුරුදු 9 ඇතුළත ආර්ථිකය බිඳවැටුනයි කියන අයම තමයි අනෙක් පැත්තට කියන්නෙ මිනිස්සු හොඳට  හම්බකරගෙන තියෙන නිසා ප‍්‍රාග්ධන බද්දක් අයකරන්න  ඕන කියල. මේ ප‍්‍රාග්ධන බද්ද කිවුවම සමහර කට්ටිය හිතන්න ඉඩ තියෙනව මේක බලපාන්නෙ ධනය තියෙන  අයට විතරයි කියල. නමුත් මෙතන ප‍්‍රාග්ධනය කියල අදහස් වෙන්නෙ  ඕනම කෙනෙකුට තියෙන දේපලක්. ගොවියෙක් හරි කම්කරුවෙක් හරි තමන් සතු ඉඩම විකිණුවත් ඒක ගත්තු මිලයි විකුණපු මිලයි අතර වෙනසට බදු ගහනව. ගුරුවරයෙක් බැංකු ණයකින් හදපු ගෙයක් විකිණුවත් ඒකටත් බදු ගහනව. ප‍්‍රාග්ධන බද්ද ගහනව කියන්නෙ වැටි බද්ද වැඩිකරනවට නොදෙවෙනි දෙයක්.

මේ ආණ්ඩුවට මුලූ රටම පෙනෙන්නෙ තමන්ට පොශණය ලබා ගැනීම සඳහා කිරි දොවා ගන්න පුලූවන් එලදෙනක් හැටියට තමයි. මේ පසුගිය සති ගණන ඇතුලත සිදුවෙච්ච ගංවතුර, නායයෑම්, අවි ගබඩා ගිනි ගැනීම් අස්සෙත් ඇමති වරුන්ට සැප වාහන ගන්න පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමෙන්ම මේ අයගෙ ඔලුව වැඩ කරන්නෙ කොයි විදියටද කියල මුලු ජනතාවම දැක්ක. මෙතන දැන් තවත් භයානක ක‍්‍රියා දාමයක් සිදුවෙනව. මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තියෙන වැඩ පිළිවෙල පෙන්නල හොංකොං ඇන්ඞ් ශැන්හායි බැංකුව, සිටි බෑන්ක්, ඇතුලු බැංකු 5ක මැදිහත් වීමෙන් ඩොලර් බිලියන 3.5ක මහාපරිමාණ ණයක් ගන්න සූදානම් කරල තියෙනව. ඇත්ත වශයෙන්ම ණය ශ්‍රේණිගත කරන ආයතන බය වුනෙත් මේක දැකල වෙන්න  ඕන. මේ ණය ගිවිසුමේ ඇති සමහර කොන්දේසි වලට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙලා තියෙනව කියල සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පලවුණා. මේ වගේ අවදානම් සහිත ණය දෙනකොට යම් යම් සිද්ධීන් සිදු වුනොත් ණය අවලංගු කරල ඒ මුලු මුදල් ප‍්‍රමාණයම එකවරම  ආපසු ණය දෙන්නාට ලබාගත හැකි වෙන විදියට කොන්දේසි දමනව. මේ වගේ කොන්දේසි සාමාන්‍යයෙන් දමන්නෙ අනෙක් සියලුම ණය වලට කලින් මේ ණය ගෙවල ඉන්න  ඕන කියන කාරණය තහවුරු කර ගන්නයි.

ඒ විතරක් නෙවෙයි මේ ණය ගණුදෙනුවට සම්බන්ධ බැංකු වලට ඒ අයට තියෙන අයිතීන් වෙන බැංකු වලට විකුණන්නත් පුලූවන්. එතකොට ඒ තුන්වෙනි පාර්ශව වලටත් ණය එක්වරම ආපහු ලබා ගන්න මුල් බැංකු වලට තියෙන අයිතියම තියෙනව. සන්ඬේ ටයිම්ස් පුවත්පතට අනුව නීතිපතිවරයා පෙන්නල දීල තියෙන තවත් කාරණයක් තමයි මේ විදියට ණය ආපහු එක්වරම කැඳවල ආණ්ඩුවට ඒක ගෙවාගන්න බැරි වුණොත් එයින් ලංකා ආණ්ඩුවට තියෙන වෙනත් ණය ගිවිසුම්වල පොදු කොන්දේසිත් ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වෙලා ඒ ණයත් සියල්ල එක්වරම ගෙවීමට සිදුවන බවයි. නීතිපතිවරයා මේ කරල තියෙනවයි කියන අනතුරු හැඟවීම ඉතාම බරපතලයි.

මේ ආණ්ඩුව දැන් ඉන්නෙ ණය ලබා ගන්න  ඕනම කොන්දේසියකට එකඟ වෙන මානසිකත්වයක. මම ආණ්ඩුවට ඉතා  ඕනකමින් කියා සිටින්නෙ මේ අවස්ථාවේදී මේ බැංකු 5ත් සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුමත් නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් දී තිබෙන උපදෙසුත් වහාම පාර්ලිමේන්තුවේ සභාගත කල යුතු බවයි. මේ තීරණාත්මක මොහොතේදී ආණ්ඩුවේ මූල්‍ය කලමනාකරණය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට වාර්ථා වෙන්න  ඕන. අපේ රට අවුරුදු 30 ක යුද්ධයකට මුහුණ දීල තියෙනව. ඒ අතරතුර දකුණේ සන්නද්ධ කැරලි 2ක් ඇතිවෙලා තියෙනව. විදේශිය හමුදාවක් පවා මේ රටේ ස්ථානගත වෙලා ඉදල තියෙනව. නමුත් මේ යහපාලන ආණ්ඩුවේ වියරු ණය ගැනීමෙන් ඇතිවෙලා තියෙන තරම් දරුණු අර්බුදයක් අර සියලුම කලබැගෑනි අස්සෙවත් ලංකාවට ඇති වුණේ නැහැ.

මේ රට වැටිලා තියෙන තත්වය අපේ ජනතාව හොඳින් අවබෝධ කරගන්න  ඕන.

ස්තුතියි.

මහින්ද රාජපක්ෂ

මවුබිමේ  ජනාධිපති

(හිටපු ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා 2016 ජුනි 29 වෙනි බදාදා, ඒකාබද්ධ විපක්‍ෂයේ බත්තරමුල්ල කාර්යාලයේ දී යහපාලන ආණ්ඩුවේ බදු සහ ණය අර්බුදය ගැන කල දේශනයේ පිටපත.)

 Venerable members of the Maha Sangha, clergymen of other religions, Members of Parliament, and distinguished guests,

It can be seen that the increase in the Value Added Tax has run into a great deal of opposition countrywide. Owners of small and medium businesses and traders in many towns have come out onto the streets against this tax hike with the support of the general public. The government tried to justify their tax increases by placing advertisements in all media stating that this tax increase is necessary to pay off the loans taken by my government. I thought it is only right that I explain to the people what has really caused this situation. The amount of debt that a country can take on depends on our capacity to pay back the loans as they become due. My government always ensured that borrowing was kept within manageable limits.  Treasury reports reveal that during the last seven years of my administration, foreign loan repayments (principal plus interest) that came due each year were as follows:

2008 – 1.4 billion USD

2009 – 1.3 billion USD

2010 – 1.2 billion USD

2011 – 1.5 billion USD

2012 – 2.2 billion USD

2013 – 2.4 billion USD

2014 – 2.2 billion USD

These were not excessive amounts that could not be met. Furthermore it should be borne in mind that my government did not take loans for consumption. We obtained loans to carry out the war against terrorism and to develop infrastructure which can be used by our people for decades if not centuries. What we have built can be seen all over the country. Leaders of this government are still opening only the projects that my government commenced. One minister publicly acknowledged this fact recently. Whenever we took out any loans for a project, it was done carefully in a planned manner which is why we never had to contend with an unmanageable piling up of debt.

However, since January last year, the present government has been on a reckless borrowing binge. They have borrowed 2.3 billion USD from India in the form of currency swaps on three occasions in March 2015, October 2015 and March 2016. Then they have borrowed 2.15 billion USD through sovereign bond issues in May and October 2015 and a further 3.1 billion USD through Sri Lanka Development Bond issues between March 2015 and June 2016. The total foreign loans taken by the yahapalana government now amounts to 7.7 billion USD. No less than 3.3 billion USD of this falls due for payment before the end of 2016.

Some of these dues such as the 1.1 billion USD six month currency swap from India have already been paid as have some of the short term Sri Lanka Development Bonds that were issued last year. Yet there is much more to be paid off before the end of this year. All this is over and above the loans taken by previous governments which also have to be repaid. The loans taken by previous governments is not a reference to the loans taken only by my government. Long term loans taken even during the J.R.Jayewardene era are still being repaid. Every government pays the debts of the governments that preceded it. After being elected into office in 2005, I too paid the debts taken by previous governments.

Reckless borrowing by the present government is the main reason why Sri Lanka was given negative outlook categorisations this year by Moody’s, Fitch and Standard & Poor – the three top international credit rating agencies. All three ratings agencies had cited the huge liabilities coming due for payment before the end of this year as the main reason for their decision to downgrade Sri Lanka. Standard and Poor’s not only gave us a negative outlook categorisation but also warned that in the coming three years, the debt burden would increase further. They also warned that if there was no improvement in the situation, a further downgrade may follow.

In this situation, the government obtained a loan of 1.5 billion USD from the IMF. When the IMF gives a loan to a country, they also impose conditions that are meant to create an environment where the recipient country would be able to pay back the loan taken. As a result of this, when a country enters into a programme with the IMF, the standing of that country in the credit market improves.

However, even after the IMF decided to give Sri Lanka a loan, both Fitch and Moody’s issued press statements saying that they were not confident about the capacity of the Sri Lankan government to meet the targets set by the IMF. Moody’s stated that Sri Lanka’s needs will not be met by the IMF loan and that they expected the debt burden to increase further this year and the next. In June this year the IMF executive board approved the loan to Sri Lanka and the first tranche of 168 million USD was also received. It was after the IMF money started coming in that Moody’s gave Sri Lanka a negative outlook categorisation on 20 June. Experts say this is the only known instance when even acceptance into an IMF programme has failed to bolster market confidence in a country. Having given us a negative outlook categorisation, Moody’s went to the extent of warning that a further downgrading of Sri Lanka may take place if the situation does not improve.   Even though entry into an IMF programme usually bolsters confidence in that country, the moves made by the yahapalana government to use the IMF programme as a cover to borrow more and more, seems to have unnerved the ratings agencies. The task of ratings agencies is to inform the markets about the creditworthiness of those taking loans so that the lenders can make an informed decision.

We have thus far been talking only of foreign debt, but domestic debt too has increased by 16% (Rs. 681 billion) from Rs. 4,278 billion at the end of 2014 to Rs. 4,959 by the end of 2015. This was the highest yearly increase in domestic debt since independence. The Auditor General too has revealed that the loans taken in 2015 were nearly double the borrowing limit mandated by parliament. Despite all these borrowings, the government has not started a single development project. When the contracts that my government signed are completed, leaders of this government go for the opening ceremonies.  There isn’t a single development project that has been initiated by this government. Yet they obtain loans as no government has done before. We did not get indebted like this even during the war.

The present government is using borrowed money for day to day expenses. They won the 2015 presidential election by uttering lies and making false accusations against me and my government.  Because they could not win the 2015 August parliamentary election using the same tactics,  they practiced a different kind of deception by giving people large salary increases and tax concessions that the economy could not sustain. They never told the people that it is the people themselves who will ultimately have to pay for all this election related largesse. They told the people that the Rajapaksas could have given all those concessions but they had used the money for the comfort of the ruling elite instead. They told the people that now that the wasteful Rajapaksas had been ousted, it was possible to give various concessions to the people. Because they could not increase taxes immediately to raise the income to meet the additional expenditure, they began to borrow money to fulfill their pledges.

You can live on credit for a number of months. But at a certain point the credit markets begin to get nervous. It is at that point that the government approached the IMF. The IMF gives a programme of action along with the loan. The first thing they would tell you is to start collecting the money to repay all the loans you took. The IMF tranches are released only after reviewing progress on the implementation of their conditions. Then we see VAT being increased and the application of the NBT being broadened to increase government revenue. This creates an anomalous situation in Sri Lanka. Over the past eighteen months, the global prices of milk food, wheat flour, sugar, crude oil, steel, cement and virtually everything that we import, has declined precipitously. But because of the yahapalana taxes, the prices of these goods have been increasing only in Sri Lanka. This is why I called on the people of Sri Lanka to rise up as one against these tax increases, a few days before May Day this year.

Now the government is looking for more ways to tax the people. They have announced that a capital gains tax will be introduced in the coming weeks on the grounds that people accumulated a lot of wealth in the recent past and that this should be taxed. It is ironic that while insisting that I ruined the economy, this government says in the same breath that people earned a lot of wealth during my tenure which has to be taxed. When ordinary people hear the phrase ‘capital gains tax’ they may assume that this is a tax levied only on rich people who own ‘capital’. But what is meant by capital in this case is property owned by anybody. If a farmer, labourer or schoolteacher disposes of his land or house, he will have to pay a tax on the difference between the price at which he bought it and the price at which he sold it. The capital gains tax is no less objectionable than the VAT and NBT increase.

Today the government sees the whole nation as a cow to be milked to sustain themselves. They clearly showed where their priorities lie by presenting a supplementary estimate to parliament to buy expensive luxury vehicles for ministers right in the middle of the unprecedented floods, landslides and manmade disasters that befell the country in the past several weeks. Now a new danger has manifested itself. Using the credentials provided IMF programme, the government has made hasty arrangements to take a syndicated loan of up to 3.5 billion USD facilitated by a consortium of five banks including HSBC, Citibank and Credit Suisse. This would have been a factor causing concern to the credit ratings agencies as well. According to the Sunday Times, the attorney general has objected to certain clauses in the relevant agreement where the loan can be cancelled and the Sri Lankan government required to pay back the entire loan upon the occurrence of certain events.

Such clauses are introduced to give the creditor priority over all other creditors. The banks in the consortium can transfer all their rights to other banks and whoever owns the debt will be entitled to cancel the loan and demand immediate repayment upon the occurrence of certain events. As reported by the Sunday Times, the  Attorney General has pointed out that if this loan is recalled, and the government is unable to pay the loan in full, it will automatically trigger default provisions in other loan agreements as well, making those loans also payable in full immediately. At this moment, the government is desperate enough to agree to any condition to get their hands on some money.

I earnestly request the government to table this loan agreement along with the Attorney General’s observations before parliament. The legislature needs to be informed about the financial management of the country at this critical moment. This is a country that has gone through 30 years of civil war and two insurgencies in the south. We have even had foreign armies on our soil. Yet we have never faced a crisis as acute as the one created by the reckless borrowing of the yahapalana government. The people of this country should be aware of the situation that is developing.

 

Thank you.

 (Text of a speech on the “Tax and debt crisis of the yahapalana government” delivered by former President Mahinda Rajapaksa at the Battaramulla office of the Joint Opposition on Wednesday 29 June 2016.)

 

Copyright © 2017 LNW TODAYThemetf

To Top